ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඇතැම් දේශපාලනඥයින් වෛද්‍ය විද්‍යාව ගැන නොදැන ඖෂධ පිළිබද මත ප්‍රකාශ කිරීම විහිලුවක්-සෞඛ්‍ය අමාත්‍ය

    අගෝස්තු 13, 2017

    හෙඳ සහ පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

    මෙහිදී හෙද හෙදියන් 2250 කට සහ පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 754 කට පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර, පවුල් සෞඛ්‍ය සේවා ස්ථීර පත්වීම් 16 ක්  ලබාදීමට ද  කටයුතු කෙරිනි.
    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - රාජ්‍ය සේවයට එක්වන ඔබ සැමට වැටුප්, අතිකාල දීමනා, විශ්‍රාම වැටුප් හිමි වෙනවා. සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් පිළිබදව වෘත්තීය සමිති මා සමග සාකචිඡා කරනවා. ලබාදෙන්න පුලුවන් සැම ඉල්ලීමක් ම ලබාදී තිබෙනවා. ඖෂධ හිගයක් රජයේ රෝහල්වල අද නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඖෂධ නැහැ කියලා ප්‍රවෘත්තියක් පළ කර තිබුනා. අවශ්‍ය ඖෂධ තො වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබෙනවා. නමුත් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වෙනත් පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් ලියාගත් ඖෂධ වට්ටෝරු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාගන්න හදනවා. ඒවා විවිධ වෙළෙ නාම වලින් තිබෙන ඒවායි.
     
    සෞඛ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව ඖෂධ නාමයෙන් විකුණන ඖෂධ වෛද්‍ය මධ්‍යස්ථානයේ ගබඩා කර තිබෙනවා. නව ඖෂධ පරීක්ෂණාගාරය ඉදිරි වසර 02 තුල ඉදිකිරීමෙන් පසු ඖෂධ වෙළෙ නාමයෙන් ලිවීම වෛද්‍යවරුන්ට තහනම් කරනවා. පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් ලියාගෙන එන ඖෂධ වට්ටෝරුවල ඖෂධ වෛද්‍ය මධ්‍යස්ථානයේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර තිබුනා මෙට්ෆෝමින් ඖෂධය වෛද්‍ය මධ්‍යස්ථානයේ නැහැ කියලා. එය ඖෂධයේ වෙළෙ නාමයයි. නමුත් ඖෂධ නාමයෙන් යුත් ඖෂධ වෛද්‍ය මධ්‍යස්ඨානයේ තිබෙනවා. එම ඖෂධවලත් වෙනසක් නැහැ. වෙළෙ ප්‍රචාරය තමයි ඊට බලපා ඇත්තේ. වෛද්‍ය විද්‍යාව දන්නෙ නැතිව එවැනි මන්ත්‍රීවරුන් ඖෂධ පිළිබදව ප්‍රකාශ නිකුත් කරනවා. විවිධ විවේචන එල්ල කරනවා. ඔවුන් සිතන්නේ දේශපාලනයට ආවම සියල්ලම දන්නවා කියලා.
     
    එය රෝගයක්. සමහර පක්ෂවලට එම රෝගය වැඩියෙන් තිබෙනවා. රට තුල පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් අද ක්‍රියාත්මක වෙනවා. වෛද්‍ය අධ්‍යාපනය දියුණු කරනවා. සබරගමුව, වයඹ, මොරටුව විශ්ව විද්‍යාල  කේන්ද්‍ර තර ගනිමින් වෛද්‍ය පීඨ ඉදිකරනවා. සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කරන බවට ඇතැමුන් චෝදනා කරනවා. සයිටම් ආයතනය නිසයි එහෙම කියන්නේ. සයිටම් ආයතනයේ ඉන්නේ පුහුණුවන වෛද්‍යවරුන් 100 ක් විතරයි. නමුත් රජයේ විශ්ව විද්‍යාලවල පුහුණුවන වෛද්‍යවරුන් 1000 ක් පමණ සිටිනවා. ඒ ගැන මොකුත් කියන්නේ නෑ. විවේචන විතරයි ඉදිරිපත් කරන්නේ. සෞඛ්‍ය සේවාවේ සියලුම වෘත්තිය සමිති මා සමග එකට වැඩ කරනවා නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මා සමග එකට වැඩ කරන්නේ නැහැ. එම සංගමයට වෙනත් දේශපාලන පරමාර්ථ තිබෙනවා.
     
    එම සංගමය වෙනම ගමනක් යන්නේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත් මා සමග එකට වැඩ කරනවා.සෞඛ්‍ය සේවාවේ ස්ථාන මාරුවීම් වලට මා බලපෑම් කරන්නේ නැහැ. එය ස්වාධීනව සිදු වෙනවා. යහපාලන යනු ජනතාවට ලබාදෙන දෙයක් මිස මනුෂ්‍ය ඝාතකයින්ට, හොරුන්ට ලබාදෙන සහනයක් නොවෙයි. ලෝකයේ පිළිගන්නේ එයයි. මෙම ගමන අපි ඉදිරියටම යනවායැයි ද වැඩිදුරටත් පැවැසිය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya