ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පාසල් පුස්තකාලවට ඉහළ මට්ටමේ පොත්

    අගෝස්තු 16, 2017

    ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන මඟින් ඉතිහාසයේ පළමුවරට ජාතික අධ්‍යාපන ග්‍රන්ථ නාමාවලියකට අනුව ඉහළ ගුණාත්මක බවින් යුත් පුස්තකාල පොත් පාසල් පුස්තකාල වෙත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    මේ සඳහා යෝග්‍ය ගුණාත්මක පොත් නිර්ණය කිරීමට පසුගිය 08,09 දෙදින තුළ අධ්‍යාපන ප්‍රකාශන ග්‍රන්ථ උපදේශන මණ්ඩලය විසින් විශේෂ සමීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මේ වනවිට අධ්‍යාපන ප්‍රකාශන ග්‍රන්ථ උපදේශන මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින විෂය සමීක්ෂකවරුන් සම්බන්ධ කරගනිමින් ‍පාසල් පුස්තකාල පරිහරණය සඳහා යෝග්‍ය පොත් නිර්ණය කිරීම එහි දී සිදු කෙරුණු අතර, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ එක් එක් ප්‍රකාශන ආයතන මඟින් මේ සඳහා යෝජිත පොත් සාම්පල සමීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබුණා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළ කරන ලද පුවත්පත් දැන්වීමට ප්‍රතිචාර දැක්වු කර්තෘ ප්‍රකාශකයින් ද සිය ප්‍රකාශන මීට එක්කර තිබීම විශේෂත්වයක්.

    සමීක්ෂණ වැඩසටහනෙහි දෙවන අදියර යටතේ ද්වීතීයික ශ්‍රේණිවල (6-13 ශ්‍රේණි) සිසුන්ට කියවීමට සුදුසු පුස්තකාල පොත් සමීක්ෂණ කටයුතු 2017 අගෝස්තු මස 16,17 සහ 18 දිනවල ආරම්භ කීරීමට නියමිත අතර, ඒ සඳහා පොත් ප්‍රකාශකයින් සහ කර්තෘ ප්‍රකාශකයින්ගෙන් පොත් භාර ගැනීම අද (15 ) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු  කෙරේ.

    ඒ අනුව 2017 වසර වෙනුවෙන් පාසල් පුස්තකාල පොත් මිළ දී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 700ක් පාසල් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අතර, ‍මේ වසරේ එමඟින් ප්‍රතිලාභ ලබන පාසල් සංඛ්‍යාව 3,000ක් වේ. එක් සිසුවෙකුට පොත් 10ක් යනුවෙන් පවත්නා ජාත්‍යන්තරව පිළිගත් පොත්-සිසු අනුපාතය (10 Books Per Student) යටතේ පාසල් සිසු සංඛ්‍යාවට සමානුපාතිකව පුස්තකාල පොත් මිළ දී ගැනීමට අදාළ පාසල්වලට අවස්ථාව සලසා ඇත.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටි ආරච්චි මහතාගේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන ප්‍රකාශන ග්‍රන්ථ උපදේශන මණ්ඩලය හා පාසල් පුස්තකාල සංවර්ධන ශාඛාව විසින් මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya