ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රෝග වාහකයන් සහ ඩෙංගු මදුරුවන් මර්දනයට ඇති අභියෝග පිළිබඳ ජාතික සමුළුව

    අගෝස්තු 16, 2017
    රෝග වාහකයන් සහ ඩෙංගු මදුරුවන් මර්දනයට ඇති අභියෝග පිළිබඳ ජාතික සමුළුව නොවැම්බර් 14 සහ 15දිනවලදී මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ දී පැවැත්වේ.
     
    රෝග වාහකයන් විසින් ප්‍රචාරණය කරන භයානක ලෙඩ රෝග පාලනය උදෙසා විද්‍යාත්මක කතිකාවතක් ගොඩනැගීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වේ. මෙහිදී රෝග වාහක මදුරුවන් මගින් බෝවන ඩෙංගු රෝගය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.
     
    ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා විසින් මෙහිදී ප්‍රධානය දේශනය සිදුකරන අතර ශ්‍රී ලංකා රෝග වාහන ජීව විද්‍යාව පිළිබඳ සංගමයේ සභාපති සහ මහනුවර ජාතික මූලක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නිශ්සංක ද සිල්වා, යාපනය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නෝබල් සුරේන්ද්‍රන්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය ප්‍රියංකර ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යංශයේ කීට විද්‍යා විද්‍යාඥ සුභාෂිනි ආරියපෙරුම මහත්ම මහත්මීන් විසින් සිදු කරනු ඇත.
     
    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.nifs.ac.lk වෙබ් අඩවියෙන් හා දුරකතන අංක 0812 232 002 වෙතින් ලබාගත හැකිය.
     
    මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනය, ශ්‍රී ලංකා රෝග වාහක ජීව විද්‍යාව පිළිබඳ සංගමය සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යන අංශ සමඟ එක්ව සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya