ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 32 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

    අගෝස්තු 17, 2017

    නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 32 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දන්ත ශල්‍ය වෛද්‍ය සේවාවට අවශ්‍ය පහසුකම් ලබාගැනීමට වෘත්තීය සටන් සිදු කිරීමට සිදු වූ බවයි.


    එම වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීමේ දී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග ඒකාබද්ධව කටයුතු කළත්, ඔවුන්ගේ පිටුපස ගොස් වෘත්තීය අයිතිවාසිකම් ලබා නොගත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

    සුහදව සාකච්ඡා මාර්ගයෙන් වෘත්තීය අයිතිවාසිකම් ලබාගැනීමට පියවර ගත් බවත්, දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 2000 ක් සිටින අතර ඉදිරියේ දී එම සංඛ්‍යාව තවත් වැඩි කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම අවධාරණය කර සිටියේය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආනන්ද රත්නායක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya