ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය නිල මෙහෙවර ජනපති ජනතා සේවය 19 දා

    අගෝස්තු 17, 2017

    පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ මෙතෙක් නොවිසඳුණු ජනතා ගැටළු 3500ක් විසඳීම සඳහා නිල මෙහෙවර ජනපති ජනතා සේවය 19 වැනි සෙනසුරාදා දිනය පුරා පඩුවස්නුවර දෙමටව මහා විද්‍යාලයේ දී පැවැත්වේ.


    නිල මෙහෙවර ජනපති ජංගම සේවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරයි. මෙම වැඩසටහනට අනුව පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ පමණක් ක්ෂේත්‍ර නිලධාරීන් මගින් හඳුනාගත් ගැටළු සංඛ්‍යාව 10,743කි. ප්‍රාදේශීය ලේකම් පී.ඩී.ආර්.ටී.ධර්මවර්ධන මෙනවිය කියා සිටියේ නිල
    මෙහෙවර වැඩසටහනට සමගාමීව ඉදිරිපත් වූ ජනතා ගැටළුවලින් 7,255ක් දැනටමත් විසඳා අවසන් බවයි. ඒ අනුව 19 දා හඳුනාගත් ගැටළු 3488ක් විසඳීමට ඉතිරිව තිබේ. එයට අමතරව තවත් ගැටළු විශාල සංඛ්‍යාවක් එදින නිල මෙහෙවර භූමියේ දී ඉදිරිපත් වනුු ඇතැයි ද අපේක්ෂිතය.


    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ වසර 20ට වැඩි කාලයක් පුරා නොවිසඳුණු ජනතා ගැටළු කඩිනමින් විසඳා දීම සඳහා මෙම නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහන ආරම්භ කළ බවයි.


    ‘‘අවුරුදු ගණනාවක් පුරා ගම්මානවල නොවිසඳුණු ගැටළු රාශියක් තියෙනවා. අපි ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් අගමැතිතුමාගේ මගපෙන්වීමෙන් මේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ආරම්භ කළේ මෙවැනි විසඳාගත නොහැකිව තිබූ ගැටළු කඩිනමින් විසඳාදීම සඳහා. ඒ වෙනුවෙන් අපේ ග්‍රාම නිලධාරීවරු සංවර්ධන නිලධාරීවරු ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් ගමින් ගමට ගිහින් ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමේ යාන්ත්‍රණයක්
    ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව පඩුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ඉදිරිපත් වූ ගැටළු අතරින් වැඩිම ගැටළු සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ පානීය ජලය සම්බන්ධයෙනි. එම සංඛ්‍යාව 2345කි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසන්නේ නිල මෙහෙවර වැඩසටහනට සමගාමීව එම ගැටළු සියල්ල විසඳා අවසන් කළ බවයි. වැඩිම ගැටළු අතරින් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉඩම් හා නිවාස සම්බන්ධ ගැටළු වන අතර එම සංඛ්‍යාව 2316කි. ඉන් 1327ක් දැනටමත් විසඳා අවසන් අතර ඉතිරි ගැටළු 969 ද 19 දා නිල මෙහෙවර වැඩසටහන අතරතුර විසඳීමට අපේක්ෂිතය.


    සමාජ සේවා ගැටළු 1373ක් ඉදිරිපත් වී ඇති අතර දිවි නැගුම සම්බන්ධ ගැටළු 1307ක් ඉදිරිපත් වී තිබේ. ප්‍රදේශයේ ගැටළු විසඳීම සඳහා පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ දී ජනතාවගෙන් කිසිඳු මුදලක් අය කිරීමෙන් තොරව උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීම, නොමිලේ පවත්වන වෛද්‍ය සහ අක්ෂි සායන සේවාවන්, රියදුරු බලපත්‍ර ලබාදීම,සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා, විශ්‍රාම වැටුප් දීමනා සහ රජය මගින් ලබා දෙන
    අනෙකුත් දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණය, ඉඩම් හිමිකම් ගැටලු, බලපත්‍ර ගැටලු විසඳීම සහ ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි, කම්කරු ගැටලු සඳහා විසඳුම් සහ ස්වයං රැකියා අවස්ථා
    හඳුන්වාදීම ඇතුළු ජනතා හිතවාදී වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක වේ.

    මෙම අවස්ථාවේදී ප්‍රතිලාභීන්ට ඇස් කණ්ණාඩි, ඉඩම් ඔප්පු, ගැබිනි මවට උත්තම පූජා වැඩසටහන යටතේ පෝෂණ මුද්දර, සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ උපකරණ ලබාදීම්, රෝද පුටු, කිහිලිකරු, අත්වාරු ඇතුළු තවත් ප්‍රදානයන් රැසක් සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya