ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සංහිදියාව වෙනුවෙන් තරුණ හුවමාරු වැඩසටහන් රැසක්

    අගෝස්තු 19, 2017
    අගෝස්තු 12 වන දිනට යෙදුණු ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව සාමය වෙනුවෙන් තරුණයා තේමාව මුල්කරගනිමින් ජාතික තරුණ සේවා සභාව සුවිශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇත. 
     
    ඒ අතර ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ සංකල්පයකට අනුව, තාරුණ්‍යයේ පැතුම සංහිඳියාව වෙනුවෙන් තරුණ හුවමාරු වැඩසටහන්  05 ක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අතර කොළඔ - මන්නාරම, පොළොන්නරුව - යාපනය, ගාල්ල - කිලිනොච්චි, මාතලේ - මුලතිව්, කෑගල්ල - මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි තරුණ තරුණියන් එක්ව තරුණ හුවමාරු වැඩසටහන්හි ක්‍රියාකාරකම් සමග  මේ වන විටත් සම්බන්ධව සිටී.
     
    මෙහි යාපනය හා පොළොන්නරුව  දිස්ත්‍රික් අතර තරුණ හුවමාරු වැඩසටහන පසුගියදා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරුන්, ශ්‍රී  ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායක නායිකාවන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya