ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්

    අගෝස්තු 28, 2017

    අද සහ හෙට යන දිනවලදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බවත් බොහෝ ප්‍රදේශවල අහස වලාකුළු වලින්බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයින හරහා (විශේෂයෙන් උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත්මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්) පැ.කි.මී. 40-50 පමණ තරමක තද සුළං බලාපොරොත්තුවේ.

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවේ. සමහර ස්ථානවලට(විශේෂයෙන්රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) තරමක තද වැසි (මි.මි. 50 පමණ) ද බලාපොරොත්තු වියහැක.යාපනය, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින්වැසි ඇතිවේ.

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන්කිරීමේදී, අගෝස්තු මස27වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රීලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින්පවතී. අද දින (28) දහවල්12.12 ට නවලඩි, චලෛ සහ පෙරියපරන්තන් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya