ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තාක්ෂණයේ නරක පැත්ත පාලනය කරන්න ඕනෑ - නවීන ක්‍රම ගැන පොලිස් නිලධාරීන් දැනුවත් කළ යුතුයි

    සැප්තැම්බර් 04, 2017

    අපරාධ සිදුකරන්නේ නූතන තාක්ෂණය අනුව බවත් මේ නවීනක්‍රම පිළිබඳව අපේ පොලිස් නිලධාරීන් දැනුවත් කළ යුතු යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (03) ගාල්ලේ දී පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මකවන “ ළමා අපයෝජන හා කාන්තා හිංසන වැළැක්වීමේ වැඩසටහන” යටතේ රුපියල් ලක්ෂ 60ක මුදලින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීිමට කටයුතු යොදා ඇත.


    “ පොලිසිය ළමා හා කාන්තා හිංසනය, අතවරකිරීම් හා අපයෝජනය වැනි සිද්ධි පිළිබඳ පරීක්ෂණ පවත්වන්නේ තවමත් පැරණි යල්පැන ගිය ක්‍රමයට. නමුත් අපරාධ සිදුකරන්නේ නූතන තාක්ෂණය අනුව. මේ දෙක අතර විශාල පරතරයක් තිබෙනවා. ලෝකය බොහෝ ඉදිරියට ගිහින්. ඉතා දියුණු ක්‍රම භාවිතා කරද්දී අපි තවමත් දශක ගණනක් පිටුපසින් ඉන්නවා. නිලධාරීන්ගේ දරුවන් නිලධාරීන්ට තාක්ෂණය ගැන දන්නවා. ඔවුන්ට අපරාධ ගැන පොලිස් නිලධාරීන්ට වඩා ඉක්මණින් කරුණු හොයාගන්න පුළුවන්.


    බුදු දහම අනුවත් කාන්තා හිංසනය, ළමා හිංසනය, අපපයෝජනය, අතවරකිරීම් නවත්වන්න හැකියාවක් නැහැ. එහෙනම් මිනිසුන් නැතිවිය යුතුයි. නමුත් අපිට මේ සියල්ල පාලනය කළ හැකියි. එ්වා පාලනය කරන්න අපි රජයක් විදියට කටයුතු කරන්න අවශ්‍යයි. දැන් කාලේ කුඩා ළමයාගේ අතෙත් නවීන දුරකථන තියෙනවා. ඔවුන් අන්තර්ජාලය භාවිතා කරනවා. බොහෝ දෙනෙක් මේ ගැන බියක් දක්වනවා. නවීන තාක්ෂණ මෙවලම් නිසා දරුවන් වගේ ම වැඩිහිටි කාන්තාවන් පවා අපරාධවලට ගොදුරුවන බවත් යොමුවන බවත් ඒ නිසාම අපරාධ දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් කියනවා. නමුත් අපිට හුදකලාව ජීවත් වෙන්න බැහැ. දරුවන් ඇතුළු සමස්ථ සමාජය ම ලෝකයට විවෘත විය යුතුයි. මේ තාක්ෂණය නිසා තමයි දරුවන් ලෝකයට විවෘත වෙන්නේ.

     

    රටක් දියුණු කරන්න ඒ දේවල් අවශ්‍යයි. නමුත් අපරාධවලටත් මේ තාක්ෂණය උදව්වන බව අපිට පිළිගන්න සිද්ද වෙනවා. ඒ නිසා අපි මේ තාක්ෂණයේ නරක පැත්ත පාලනය කරන්න ඕනෑ. ලෝකයේ අනිත් රටවලත් මේ ප්‍රශ්නය තිබුණා. තවමත් තිබෙනවා. නමුත් ඒ අය තාක්ෂණයේ තවත් අඩි ගණනක් ඉස්සරහට ගිහින් ඒ නරක දේවල් පාලනය කරන්නත් මේ
    නවීන තාක්ෂණයම උපයෝගී කරගෙන තිබෙනවා. ඒ වගේ ම සියලුම අපරාධ පාලනය කරන්නත් ඔවුන් මේ නවීන තාක්ෂණය භාවිතා කරනවා. අපිත් යා යුතු වෙන්නේ එතැනට. මේ වගේ ළමා හා කාන්තා කාර්යාංශ නවීන
    පහසුකම් ඇතිව ඉදිකරන්නේ ඒ නිසා “


    මෙහි දී අමාත්‍යවරයා පවසා සිටියේ ගාල්ල නව නගර සැළැස්ම අනුව ගාල්ල පොලිස් ස්ථානය දැනට පවතින ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට ගෙන යන බවයි. දැනට ගාල්ල පොලිසියේ කුඩා ගොඩනැගිල්ලක
    ස්ථාපිත කර ඇති ළමා හා කාන්තා කාර්යාංශයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවත් ගැටළුවලට මුහුණදෙන කාන්තාවන් හා දරුවන් එම ස්ථානයට පැමිණ රාජකාරී ඉටුකරගැනීමට ගන්නා උත්සාහයේ දී විවිධ අපහුතාවයන්ට
    පත්වන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    එබැවින් මෙලෙස ළමා හා කාන්තා කාර්යාංශය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු කළ බවත්, එමගින් අගතියට පත්වන දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් නීතිය ක්‍රියාත්මක
    කරවා ගැනීඹට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කීවේය.

     

    මෙම අවස්ථාවට ගාල්ල සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ද සහභාගී වී සිටියේය. නියෝජ්‍ය පොලිස්පති චන්දන ගලප්පත්ති මහතා, ගාල්ල කොට්ඨාශ පොලිස් ළමා හා
    කාන්තා කාර්යාංශයෙ ස්ථානාධිපතිනි ඩී.අල්ගෙවත්ත මහත්මිය ඇතුළු පොලිස් නිලධාරී නිලධාරිනියන් රැසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya