ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අමාත්‍යවරයා දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සහභාගී වෙයි

    සැප්තැම්බර් 04, 2017

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70 වන සැසිවාරය සැප්තැම්බර් මස 06 සිට 11 දින දක්වා මාලදිවයිනේ මාලේ අගනුවර දී පැවැත්වෙයි.

    එම සැසිවාරයට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හෙට (05) දිවයිනෙන් පිටත්වයාමට නියමිතය.

    මෙම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සැසිවාරයේ සභාපතිත්වය සෞඛ්‍ය අමාත්‍යවරයා හොඹවන අතර, එම සහාපතිත්වය මෙවර මාලදිවයින සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් නසීම් ඊබ්‍රහිම් මහතා වෙත පිරිනැමීමට නියමිතය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 69 වන සැසිවාරය පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්විනි. මෙවර සැසිවාරයේ දී බෝනොවන රෝග සහ දේශගුණික විපර්යාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.


    සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තමන් සභාපතිධූරය හෙඹ වූ කාලයේ දී කළ සේවාවන් සහ එම වැඩකටයුතු සදහා සහයෝගය ලබාදුන් නිලධාරීන්ට ස්තූතිය පුදකර මෙහිදී විශේෂ දේශණයක් ද පැවැත්වීමට නියමිතය.


    මේ අතර මෙම සැසිවාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සැසිවාරයට සහභාගි වන සෞඛ්‍ය අමාත්‍යවරුන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.


    තව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝ නොවන රෝග වැළෑක්වීම පිළිබද ගෝලීය සැසිවාරය ඔක්තෝබර් මස 18 සහ 20 යන දෙදින උරුගුවේ දී පැවැත්වීමට සැළසුම් කර ඇත. එම සැසිවාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා  සහභාගිවීමට නියම්තය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya