බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත් වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස 2.00න් පසුවවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
සමහර ප්‍රදේශ වල, විශේෂයෙන් සබරගමුව, මධ්‍යමසහඌව පළාත් වලත් මඩකලපුව, අම්පාර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලත් තරමක් තද වැසි (මි.මි. 75වැඩි) ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍යපියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍යලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (04) දහවල් 12.09ට කොල්ලුපිටිය, මැනිංටවුම, හංවැල්ල, ගැටහැත්ත, උඩපොළ, ලක්ෂපානාගල්ල, කැප්පෙටිපොල, දෙමෝදර, බිබිලේගම, අලුපොත, නූන්ගහකිවුල සහ හිරිපිටිය යන ප්‍රදේශ වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.