ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මාතෘ හා ළමා මරණ අවම කිරීම කාලීන අවශ්‍යතාවයක් - සුව ඇමැති

    සැප්තැම්බර් 05, 2017
     
    කළාපය තුළ මාතෘ හා ළදරු මරණ අනුපාතය පහළ මට්ටමක පවත්වා ගනිමින් විශිෂ්ට ප්‍රතියක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    ශ්‍රී ලංකාවේ සජීවී දරු උපත් 1000 කට වාර්තා වන මාතෘ මරණ සංඛ්‍යාව 30 කි. ළදරු මරණ ද සජීවි දරු උපත් 1000 කට 08 ක් වැනි ඉතා අඩු අගයක පවත්වා ගැනීමට හැකිව තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් සැළකු විට එය ඉතා ප්‍රශස්ත තත්ත්වයකි.
     
    තවදුරටත් මරණ සංඛ්‍යාව පහත දැමීමේ අභියෝගය පවති. එය ඉතා දුෂ්කර ඉළක්කයකි. මෙහිදී අදාල කරුණ කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය අමාත්‍යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන් ගර්භනී, නුපන් සහ අලුත උපන් දරුවන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පරාජන්ම සංගමයේ වාර්ෂික සැසිවාරය අමතමිනි.
     
    වසර 16 කට පෙර ස්ථානය කළ මෙම සංගමය ගර්භනී, නූපන් සහ අලුත උපන් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීමට සුවිශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇත. එමෙන්ම මේ වනවිට ප්‍රවේණී විද්‍යාව, රෝග විනශ්ච්‍ය, සෞඛ්‍ය පරිපාලනය සහ තොරතුරු ආදිය කෙරෙහි ද ඔවුන්ගේ සේවාව ව්‍යාප්ත කර ඇතැයි ද සංගමය ගෙනයන වැඩපිළිවෙලට සෞඛ්‍ය අමාත්‍යාංශය සිය පුර්ණ සහයෝගය ලබාදෙන බව ද   අමාත්‍යවරයා පැවැසීය.
     
    වෛද්‍ය කපිල ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් සංගමය පුලුල් වැඩපිළිවෙළවල් රැසක් ක්‍රියාවට නංවා ඇත. දැනුවත් කිරීමේ වැඩසටහන්, පුහුණු වැඩසටහන්, සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් මාර්ගෝපදේශණ සැපයීම වාගේම විශේෂයෙන් මහජනතාව දැනුවත් කිරීම උදෙසා ගෙන යන ප්‍රචාරණ වැඩසටහන් අගය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.
     
    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නව වෙබ් අඩවිය විවෘත කළ අතර, එහි ලංඡනය ද එළිදක්වන ලදි.
     
    මෙම අවස්ථාවට අමාත්‍ය සරත් අමුණුගම මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya