ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ථේරවාදී බුදුදහම ගැන අධ්‍යයනයට භික්ෂූන් වහන්සේලා නේපාල සංචාරයක

    සැප්තැම්බර් 06, 2017

    ථේරවාදී බුදුදහම ගැන අධ්‍යයනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේ දස  නමක් නේපාලයේ සංචාරයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙසේ සහභාගි වන භික්ෂූන් වහන්සේලට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණු අතර මෙම සංචාරය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු ද නේපාලයේ බෞද්ධ උරුමය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා මෙම අධ්‍යයන සංචාරයට එක්ව සිටිති.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව, ශ්‍රී ලංකාව ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් බවට යළිත් පත්කිරීමේ අරමුණින් රජය විසින් වැඩසටහන් රාශියක් මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. ඒ අතර ලොව පුරා බෞද්ධ රටවල්වල අධ්‍යයන සංචාර සඳහා භික්ෂුන් වහන්සේලා යොමුකිරීම, ථේරවාදී බෞද්ධ දර්ශනය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පැවැත්වීම, ලොව පුරා ථේරවාදී බෞද්ධ භික්ෂුන් වහන්සේ අතර අත්දැකීම් හුවමාරු අවස්ථා ඇතිකිරීම හා ථේරවාදී බෞද්ධ රටවල් සහ ආයතන සමඟ සම්බන්ධතා ජාලයක් ගොඩනැගීම මෙන් ම වෙනත් රටවල පිහිටි ඓතිහාසික වටිනාකමක් සහිත බෞද්ධ උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීම ද ඇතුළත්.

    පසුගිය 01 වැනිදා දිවයිනෙන් මෙම පිරිස පිටත් ගිය අතර හෙට (07) දින මෙම අධ්‍යයන සංචාරය අවසන් කිරීමට නියමිතය.

     

    ගුවන් ප්‍රවේශ පත්‍ර ප්‍රදානය සිදු කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඉදිරියේ දී  ද මෙවැනි අධ්‍යයන සංචාර සඳහා භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස් යොමු කරන අතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා හා ආශිර්වාදය ඇති ව ථේරවාදී බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya