මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    දිවයිනේ නිරිත දිග කොටසේ ලබන 12 දා තෙක් වැසි

    සැප්තැම්බර් 07, 2017

    දිවයිනේ නිරිත දිග කොටසේ ලබන 12 දින තෙක් වැසි බලාපොරොත්තු විය හැකි බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඉදිරි දිනවලදි දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් ඇතිවීමේ හැකියාවක් පවතින අතර එසේ වුවහොත් ලබන 12දින දක්වා මෙම වැසි තත්ත්වය පවතිනු ඇතැයි ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අද (07) වන දින ප.ව.1.30ට පමණ නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙයි.

     

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන අතර එමනිසා මහජනතාව ද මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස  වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya