ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අධිකරණයේ ස්වාධීන්තවය ආරක්ෂා කරගෙන සියලු දෙනාටම යුක්තිය ඉටු කරමින් සාධාරණත්වය සමඟ ගමන් කරන මොහොතක්

    සැප්තැම්බර් 09, 2017

    සම්මුතවාදී යහපාලන ආණ්ඩුව අධිකරණයේ ස්වාධීන්තවය ආරක්ෂා කරගෙන සියලු දෙනාටම යුක්තිය ඉටු කරමින් සාධාරණත්වය සමඟ ගමන් කරන මොහොතක් බව  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා ප්‍රකාශ කරයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, අද (9) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    මේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් සහ අනෙකුත් කුඩා පක්ෂ සියල්ල ම එකතු වෙලා බෙදිමක්  ඇති නොවී කටයුතු කරනවා.  මේ මොහොතේ විවිධ ක්‍රියාකාරකම් විවිධ ක්‍රියාකලාපයන් ආරම්භවෙලා තියනවා  මේ ආණ්ඩුව යන ගමනට ආණ්ඩුව කඩාකප්පල් කාරි වැඩ කරන්න. පසුගිය කාලයේ අවුරුදු 20කටත් කරපු නැති දේවල් ජනතාවට ලබා දී තිබෙනවා. ලක්ෂ 20කට අධික ජනතාවට තමන්ගේ ඉඩමක අයිතිය ලබා දිලා තියනවා.  එය ක්‍රියාත්මක කරගෙන යනවා. විශ්‍රාමිකයන්ට  තමන්ගේ වැටුප සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න නිරාකරණය කරගෙන යනවා. පාසල් ශිෂ්‍යන්ත්ට සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ආරම්භ වුණා.

    අධිකරණ පද්ධතිය ගැන කතා කළොත්,  සමාප්ත නඩුවක් ගැන කතා කළොත් නඩුවක් අහලා ඉවර කරන්න යන කාලය අවුරුදු  10 මාස 2 ක්  පමණ ගතවෙන තත්ත්වයක් තිබෙනවා. මේ ගැන කතා කරලා අපි තේරුම් අරගෙන තියනවා, අධිකරණ පද්ධතියට අවශ්‍ය පහසුකම් ලබා දීමට.  ජනතාවට යුක්තිය ඉෂ්ට කර දීමටත් අපි සියලු පහසුකම් ලබා දෙනවා. මේ සඳහා අවශ්‍ය  නව  අධිකරණ ඇති කරනවා. විනිශ්චයකාරවරු අලුතෙන් බඳවාගෙන රජයේ නීතිඥවරු අලුතෙන් බඳවාගෙන මේ අධිකරණ පද්ධතියේ ස්වාධිනත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

    දැන් මේ ක්‍රියාමාර් ගන්න කොට මෙය වැඩියෙන්ම බලපාන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින හොරු නඩයට. හොරු කළ හොරකම් හා වංචා ගැන කිව්වොත් වෙනම මාධ්‍ය සාකච්ඡාවක් තියන්න පුළුවන්. මේ හොරු නඩයට අවශ්‍යතාවක් වෙනවා, මේ  ආණ්ඩුව වට්ටන්න පුළුවන් ක්‍රමය මොකක්ද ඒ ක්‍රමය හොයාගෙන ඒ ගැන සාකච්ඡා කරන්න. අපි මේ ඉන්නේ මම කලින් කිව්වා වගේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂායත් ප්‍රධාන පක්ෂ දෙක එකට යන ගමනක. මේ අය මැති ඇමැති වරුන්ට විශ්වාසය කඩවුණා කියලා විශ්වාසභංග  ගෙන එනවා.

    එකකොට මේ විශ්වාසභංග රැල්ල හරහා මේ ආණ්ඩුව ඇතුළේ තියන සමගිය බිඳවට්ටන්න පුළුවන් ද කියන එක ඒ අය සිතනවා.  වගකීමෙන් කියනවා මේ ආණ්ඩුවේ බිඳ වට්ටන්න කිසිම ජගතෙකුට බැහැ. මේ ආණ්ඩුව ඉදිරියට යනවා 2025 වන තෙක්. රාජිත සේනාරත්න ඇමතිවරයාට විශ්වාසභංග චෝදනාවක් ගෙනල්ලා තියනවා. මේ විශ්වාසභංග චෝදනාව තුළ තියන කාරණා ගත්තාම මේ කාරණා කිසිම විදිහකින් තාක්ෂණිකව ඔප්පු කර ගත නොහැකි, ඉතාමත් අජූත ලියන්නන්ට මොකක්හරි ලියන්න මතක් වෙන සම්ප්‍රදායට ලියන අයගේ මේ වගේ සම්ප්‍රදායෙන් හදාගත්ත මාතෘකා.


    මේ ආණ්ඩුව තුළ මේ අධිකරණ පද්ධතිය තුළ ඕනෑම කෙනකුට අවස්ථාව තියනවා යුක්තිය සාධාරණය ඉෂ්ට කරගන්න. මොකක් හරි වරදක් කරලා තියනවානම් ඒ ගැන පරික්ෂා කරන්න ඒවගේම පැමැණිලි කරන්න විභාග කරගන්න. 

     

    චෝදනාවක් එල්ල වුණාම ඉල්ලා අස්වෙලා ආණ්ඩුව ආරක්ෂා කිරිමේ වගකීම ඇමතිවරු භාරගෙන තියනවා. කිසිම කාලයක මේ වගේ දේශපාලන සම්ප්‍රදායක් තිබුනේ නැහැ. නමුත් පරික්ෂණවලින් තාම ඔප්පු වෙලා  නැහැ.  එදා චෝදනා වක් ආපුවහම ඉල්ලා අස්වන ඇමතිවරු හිටියේ නැහැ.  ඒ නිසා රාජිත සේනාරත්න ඇමතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත්වෙලා තියන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරනවා .

     

    මා සමඟ ඉන්නවා ආචාර්ය සුදර්ශන ප්‍රනාන්දු මහත්මා  එතුමා තමයි ලංකා නීතිගත සංස්ථාවේ සභාපති තුමා එතුමා විග්‍රහ කරයි තක්ෂණිකව ධීවර සමබන්ධයෙන් තියන චෝදනාව මොකක්ද මේක තාක්ෂණිකව ඔප්පු කරලා දෙයි, රාජිත සේනාරත්න ඇමතිවරයා ගත්ත එඩිතර ක්‍රියාමාර්ග ගැන. ඒ සමබන්ධයන් විවධ මාෆියාවන් එල්ල වුනා. ඖෂධ මිල අඩුකලා ඖෂධ 48 ක. ඇස්පෙන්නේ නැති රෝගීන් සඳහා ඇස් කාච නොමිලේ ලබා දුන්නා.  දැනට පිළිකා රෝගින්ට ජීවිත කාලය පුරා අවශ්‍ය බෙහෙත් නොමිලේ ලබා දුන්න.

    සෞඛ්‍ය කේෂත්‍රයෙන් ජනතාවට සෙත සැලසෙන ආකාරයට රාජිත ඇමතිතුමා ක්‍රියාමාර්ග අරගෙන  කතියනවා . එවකට අපේ වර්තමාන ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිවරයාව සිටිය දී මත් ද්‍රව්‍ය දුම්වැටිවල රූපමය අවවාද ඇතුළත් කර ගන්න ගත්ත පදනම. එවකට  ඒ මාෆියාව සමඟ කටයුතු කිරිමත් තුළ ඉඩක් ලැබුනේ නෑ, කැබිනට් මන්ඩලය් දි මේ දේවල් කරගන්න.

     

    නමුත් අද අපිට අවස්ථාව ලැබිලා තියනවා ඒ සෞඛ්‍ය ඇමතිවරයා ජනාධිපතිවරයා වීම තුළ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ එඩිතර ක්‍රියාකලාප නිසා දුම්වැටි මත්පැන් ආදි සම්බන්ධයෙන් වන පරිපාලන නිති හා රූපමය අවවාද ඇතුළත් කරන්න. එවගේ ම අපි බොන සමහර බීම වර්ග වල සිනි මාත්‍රාව පවා අවවාදාත්මක ඇතුළත් කරන්න හැකියාවක් ලැබුණා. මේ වගේ විශාල ජයග්‍රහන ලැබිලා තියනවා. 

    හොරු නඩයට පැහැදිලිව කියන්නේ විශ්වාංස භංග වෙන මොනවා ගෙනාවත් මේ ආණ්ඩුව වට්ටන්න හම්බවෙන්නේ නැහැ. මෙ ආණ්ඩුව එහෙම සැලෙන්නේත් නැහැ.   ඒ අය දන්නවා මේ සංවර්ධනය තුළ ඉදිරි අවුරුදු 3 ගියාට පස්සේ 2020 වන විට මේ රටේ  තියන තත්ත්වය පිළිබඳව. තමන් කරපු හොරකම්ටික වහගන්න අනිත් අයට අභුත චෝදනා එල්ල කිරිම තමයි මේ අය කරන්නේ. ඒ නිසා ආණ්ඩුව හැටියට එක මිටක එක පොකුරට  සියලුම අර්බුද හමුවේ අපි නිදහස් ප්‍රජාකන්ත්‍රවාදි රාමුවක් තුළ රටේ ජනතාවට සත සැලසෙන ආකාරයට ඉදිරියට යනවා.


    මෙහිදී අඳහස් දැක්වූ  ධීවර සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය සුදර්ශන ප්‍රනාන්දු මහතා;

    මම ලංකා  ධීවර නිතිගත  සංස්ථාවේ හිටපු සභාපතිතුමා.  මම රාජ්‍ය අංශයේ කටයුතු කරන්නෙත් නෑ දේශපාලන අංශයේ කටයුතු කරන්නෙත්  නැහැ. ඒ නිසා මම  ස්වාධීනව කතා කරන්නේ. රාජිත ඇමතිවරයාට ධීවර වරාය සම්බන්ධයෙන් ඉදිරිපත් වි ඇති චෝදනා ගැන. ඒකේ මොකක්ද තියන තත්ත්වේ.   මෝදර ධිවර වරාය රටේ සංවර්ධනයට,  ධිවර ජනතාවට ලොකු සේවයක් වෙන ව්‍යාපෘතියක්.  මෙහි සිදුවන්නෙ කැඩිලා ගිය ධීවර නැව් ගාල් කර තැබීම. නීති විරෝධි ලෙස භාවිතා කළ ධීවර යාත්‍රා මෙහි ගාල් කර තැබීම. මෙයින් ජනතාවට සෙතක් වුනේ නැහැ. ලංකා ධීවර නිතිගත සංස්ථාවට කිසිම ආදායමක් ලැබුනේ නැහැ.

    මේ කාලයේ දී රාජිත ඇමතිතුමා ඇමතිවරයා ලෙස  සිටිය දි මෙය සංවර්ධනය කරන්න යෝජනා කරලා තිබුණා. එහිදි ඒ ධීවර යාත්‍රා අලුත් වැඩියා කරන ව්‍යාපෘතියක් අරභන්නේ. ඒක පුද්ගල අංශයක් සමඟ කරන්නේ. පුද්ගලික අංශය මේක ඉන්වෙස්ට් කරනවා මිලියන 900කට අධික මුදලක්. ලංකා ධීවර නිතිගත සංස්ථාව මෙ සඳහා කිසිදු මුදලක් යොදවන්නේ නැහැ. මෙයින් ධීවර ජනතාවට අතිවිශාල සේවයක් සිද්ධ වෙනවා. මෙම චෝදනාව තමයි මේ ව්‍යාපෘතිව මගින් රජයට ලැබෙන ආදායම අඩුයි. මේ ගිවිසුමේ මගින් ලැබෙන ලාභාංශය 10% ක් ලංකා ධීවර නිතිගත සංස්ථාවට ලැබෙනවා.

    මෙයින් අපේකෂිත ආදායම ලක්ෂ 23ක් පමණ. මෙය රජය තක්සේරු නෙරන්නේ ඇයි? අනෙක් චෝදනාව. රාජිත ඇමතිතුමා උපදෙස් දිලා තියනවා මෙම ගිවිසුම නැවත විෂ්ලේෂණය කරලා බලන්න පාඩුවක් සිදුවෙනවද කියලා. එවිට මෙය අත්සන් කරලා පමණයි තිබුණේ ක්‍රියාත්මක කරලා තිබුනේ නැහැ.

    එවිට ආයෝජකයෝ කියා සිටියේ අපි එකඟයි රජයේ කත්සේරු කරුගේ කුමක් වුවත් එය ගෙවන්න ලැස්තියි කියලා. මෙහිදි ආයෝජකයා ගිවිසුමේ දි පොරෙන්දු කරලා තියනවා, තක්සෙරුකරු විසින් තක්සේරරු කළ පසු එය කුමක් වුවත් එම බදු මුදල ද ගෙවන්න.  අපි අපේක්ෂා කළ ආදායම ලක්ෂ 23 ක්.  එය ලාභයි.  ධිවර වරායේ සම්පුරණ ප්‍රමාණය අක්කර 3.5 ක් විතර. බදු දුන්නේ 1 1/2 ක් ප්‍රමාණයක්. නමුත් තක්සේරු කළ  සම්පූර්ණ ප්‍රමාණය අක්කර 30 1/2ක්. මෙය ධීවර වරායට මිසක්  බදු කොටසට විතකරක් නෙමෙයි. එය සාවද්‍යයක්. මෙය ඇමතිතුමාට විශාල ආසාධාරණයක්.  ලක්ෂ 23 ක් ආදායමක් ලැබෙනවා. මෙය ඇරඹීම තුළින් නව තාක්ෂණ සමඟ සේවකයන් බදවා ගන්න පුළුවන්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya