ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සියලු සහන ඉදිරි වසර දෙකතුළ ජනතාවට ලබාදීමට රජය කැපවෙනවා - රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි

    සැප්තැම්බර් 14, 2017

    යහපාලන රජය බලයට පත්ව ගෙවීගිය වසර දෙක තුළ   සිදුකළේ හිටපු පාලකයන්ගේ පවු වලට මැදිව පීඩා විදි මෙරට ජනතාව මුදාගැනීම සදහා කටයුතු කිරීමට බවත් ඉදිරි වසර තුන මෙරට ජනතාවට වගේම රටට සහන සැලසීම වෙනුවෙන් කැපවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ; දුෂණයෙන්,භීෂණයෙන්,අල්ලසින් රට ඇද දමා තිබු දුක්ඛිත අගාදයෙන් රට නිවැරදි මාවතට ගෙන යාමේ දුෂ්කර කාලය වත්මන් යහපාලන රජය ගෙවා නිමකර ඇති බවය.

    ජාතික ධීවර මහා සම්මේලනයේ තෙවැනි සංවත්සර මහා සභාවේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසීය.

    බත්තරමුල්ල,පැලවත්තේ පිහිටි ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයෙදී  මෙම මහා සභා රැස්වීම පැවැත්විණ.

    එම අවස්ථාවට ජාතික ධීවර මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සහ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු,ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂක ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහත්වරුන් ප්‍රමුඛ දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්‍ෂකවරුන් ජාතික ධීවර මහා සම්මේලනයේ දිස්ත්‍රික් සංවිධානවල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ .


    මෙහිදී ජාතික ධීවර මහා සම්මේලනයේ නිළධාරී මණ්ඩලය ඉල්ලා අස්වූ අතර නව නිළධාරී මණ්ඩලයක් තෝරාගැනීම ගැනීම ධීවර නියෝජිතයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදු කෙරිණ .

    “ අවුරුදු දෙකක් අපි රජය පිහිටුවලා  දුෂ්කරක්‍රියා කළා. ඒ කාලයේ අපිට ජනතාව වෙනුවෙන් හරියාකාර සේවයක් කරන්න ලැබුනේ නැහැ. පහුගිය රජයේ හිටපු නායකයෝ මේ රට විනාශ කරලා දුෂණයෙන්,වංචාවෙන්, කපටිකමින් ආර්ථිකය නැති කරලා ණය අරගෙන ආර්ථිකයෙන් විනාශ කරපු රටක් නැවත වතාවක් ගොඩගන්න අතිගරු ජනාධිපතිතුමාත්,ගරු අග්‍රාමාත්‍යතුමත්, රජයත් ගෙවුණු වසර දෙක තුළ ඒ වැඩකටයුතු සියයට75 පමණ නිම කර මේ වසරේ ජනවාරි සිට ජනතාවට සහන ලබාදෙන්න,රැකියා ලබාදෙන්න සෑම ක්ෂේත්‍රයක් තුළින් ම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්න කටයුතු කරන්න නායක දේපළ ආරම්භ කරලා තියෙනවා .
     
     
    අන්න ඒ නිසා අපි ධීවර කර්මාන්තය තුළින් ධීවර ජනතාවට මේ සංගමය තුළින් මේ වසර දෙක තුළ කිසිම දෙයක් අපිට කරන්න හැකියාව ලැබුනේ නැහැ.අද පත්වූ නිළධාරී මඩුල්ල සමග ධීවර ජනතාව වෙනුවෙන් අපෙන් කෙරිය යුතු සේවය අකුරට ඉෂ්ඨ කරන්න. අද අධිෂ්ඨාන කරගත් බව කියන්න ඕනේ.ඒක අපේ හදවතින් එන දෙයක්. අපිට ලොකු ආශාවක් උවමනාවක් තියෙනවා අපි දන්න ක්ෂේත්‍රය,අපි කරපු ක්ෂේත්‍රය අපේ ජනතාව වෙනුවෙන් ඉටු කරන්න. අපි කොතනද හිටියේ, අපි කොතැනට ද ඇවිත් තියෙන්නේ,ඒ අනුව ධීවරයාට අවශ්‍ය සේවය ලබාදෙන්න අපිට ලොකු ආශාවක් තියෙනවා. ”
              
    “ අපි වැල්ලේ මාදැල් ඇදපු කොල්ලෝ,අද ධීවර අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමති විදියට පත්වෙලා තියෙනවා.ඒ පත්වෙලා ඉන්න කොට ඒ මාදැල් ඇදපු තැනයි,පොඩි ඔරුවයි , බහුදින යාත්‍රාවයි,මිරිදිය කර්මාන්තයයි,  වැල්ලේ කර්මාන්තයයි කරපු තැනට අපි අපේ යුතුකම් සේවය ඉෂ්ඨ කරන්න ඕනේ කියන එක තමයි මාගේ ආශාව. ”

     

    “ මේ ඇමැතිකමට වැඩිය මට ධීවර කර්මාන්තය කරණ ධීවරයා ලොකුයි , කයන එක මම මේ අවස්ථාවේ කියන්න ඕනේ . අන්න ඒ නිසා මට ලොකු ආශාවක් ආදරයක් ඕන කමක් තියෙනවා , මට මේ වැඩ කටයුතු කරන්න . ඒ නිසයි කතා කරලා මේ වැඩකටයුතු කරන්නේ . මම ගස්ටන ඇතිකරගන්නේ නැහැ .”

    ඉතින් පක්‍ෂ දෙකකින් ආණ්ඩුවක් පිහිටෙවුවාම අර ගංවතුරට අහුවෙච්ච නයයි මුගටියයි වගේ රණ්ඩු වුණා.රණ්ඩුවෙලා ගංවතුරට අහුවෙච්ච ණයයි මුගටියයි වගේ අපි දැන් එක කොටේ උඩට නැගල දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා.දෙපැත්තට වෙලා හිටියට දෂ්ඨ කරගන්නේ නැහැ. අපි දැන් කරන්නේ දෙන්න එකට එකතු වෙලා මේ ධීවර සංවිධානය ගොඩ අරගෙන මේ ධීවර ක්ෂේත්‍රය නගාසිටුවන්න කටයුතු කිරීම.අන්න ඒ නිසා අපි එදා රණ්ඩු උනා.අපේ නායකතුමා මට කතා කරලා කිවුවා රණ්ඩු දඹර ඇතිකරගන්න එපා, මේක යහපාලන ආණ්ඩුවක් පිහිටුවලා තියෙන්නේ,පක්‍ෂ දෙකක් එකතුවෙලා තියෙන්නේ , අමාරුවෙන් හෝ අවුල් හදාගන්නේ නැතිව කරන්න පුළුවන් දේ කරලා ඉන්නයි කියලා. ඉතින් ඒ නිසා මම කට වහගෙන ලැබුන දෙයක් ලැබුනම වැඩ කටයුතු කරනවා.ඒ නිසා මට අද සතුටුයි මටත් වැඩකරන්න තමුන්නාන්සේලා සාකච්ජා කරලා ඒ අවස්ථාව උදාකරල දුන්නා.නැවත වතාවක් මුල ඉදලා ශක්ති සම්පන්න ධීවර සංවිධානයක් හැටියට නිලධාරීන් පත් කරගෙන ලංකාවේම ධීවර සංවිධාන ගොඩනගලා සැබෑ ධීවරයන් මේ තනතුරු වලට පත්වීමට අවස්ථාව සලසලා සැබෑ ධීවරයන්ගේ ඕනෑ එපා කම් හදුනාගෙන ඒ අනුව අපි මේ කටයුතු කරමු කියන යෝජනාව මම ඉදිරිපත් කරනවා. ”

    “ මම ලොකු වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා 2015 , නිල් ආර්ථිකය ජයගමු කියලා,ගිය මාසේ අගමැතිතුමාට ඉදිරිපත් කළා.අගමැතිතුමා ඒක කියවලා කම්ටුවක් දාලා මේ ධීවර ක්ෂේත්‍රය තුලින් පමණක් නෙමෙයි,ආර්ථිකයට ඉදිරිපත් කරපු යෝජනා ඒ ඒ අමාත්‍යංශ හරහා වැඩකටයුතු කරන්න කණ්ඩායමක් පත්කරලා තියෙනවා.ඒ කණ්ඩායම සමග අද උදේ විශේෂ සාකච්ජාවක් පැවැත්වුවා. අන්න ඒ ආකාරයෙන් වැඩකටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා . ”

     

     “ මම විශේෂයෙන්ම ධීවර කර්මාන්තයේ  බැංකු සංකල්පය ඇතිකරන්න මාගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.ඒ සදහා සැලසුමක් සකස් කරලා තියෙනවා . ඒ වගේම ධීවර රක්‍ෂණ ක්‍රමයක් හදුන්වලා දෙන්න වැඩපිළිවෙලක් මම හරිගස්සල තියෙනවා . ඉදිරියේදී මේ රක්ෂණයෙන් ධිවරයා රක්ෂණය කලාම ධිවරයට ඔහුගේ බිරිදට වගේම දරුවටත් ප්‍රතිලාභ  ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya