මෙම සමුළුව පිළිබඳ මාධ්‍ය දෑනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන මෙම සමුළුවේ තාක්ෂණික සැසි වාරය ලබන 29 දා පෙ.ව.8.30ට පැවැත්වේ.
ශ්‍රී ලංකාව අපේක්ෂිත සංවර්ධනය ඉලක්ක කර යොමුකිරීමේ වැදගත්කම සහ අත්‍යවශ්‍ය බව සැලකිල්ලට ගනිමින් මෙම සමුළුව පැවැත්වෙන අතර
''ආර්ථීක සංවර්ධනය සඳහා වන අත්‍යවශ්‍ය උපාය මාර්ග'' යන්න තේමාව වේ.
කාණ්ඩ හතරකින් සමන්විත තාක්ෂණික සැසිවාර දේශීය සහ විදේශීය විද්වතුන් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් රැසකගේ දායකත්වයෙන් පැවැත්වේ.
මෙම වැඩමුළුවේ දේශන සාමාජිකයන් සහ මහජනතාව වෙත ලබා ගත හැකි අයුරින් සමුළුව අවසානයේ දී ප්‍රකාශයට පත් කරන අතර තාක්ෂණික වැඩමුළුවේ සමස්ත ප්‍රතිඵලය රජයේ අවධානය සඳහා යොමු කිරීමට නියමිත බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.