ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රෝහල්ගතවීමේ ප්‍රධාන හේතු සාධකය අනතුරුයි - ඉන් ප්‍රධාන මාර්ග අනතුරුයි

    සැප්තැම්බර් 17, 2017

    ශ්‍රී ලංකාවේ පුද්ගලයන් රෝහල්ගත කිරීමට සිදුවන  ප්‍රධාන සාධකය වන්නේ අනතුරු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසයි. දෙවන ජාතික අනතුරු නිවාරණ සතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    ලොව පුරා අනතුරු හේතුවෙන් වසරකට මිලියන 05ක් පමණ ජීවිත අහිමි වෙනවා.බොහොමයක් මෙම අනතුරු සිදුවන්නේ ඵලදයී කණ්ඩායමටයි.සෑම මිනිත්තුවකටම අට දෙනෙකු කිසියම් අනතුරක් නිසා රෝහල්ගත වෙනව.දිනකට අවම වශයෙන් 11,000ක් රෝහල්ගතවෙනවා අනතුරු නිසා.

    ප්‍රධන වශයෙන් මාරන්තික අනතුරු සිදුවන්නේ මර්ගවලයි.  මාර්ග අනතුරු නිසා වසරකට 3000ක් පමණ මිය යනව.වයස් සීමාව ගත් විට අවුරුදු 15-44ත් අතර කණ්ඩායම.තරුණ පිරිස් අනතුරු නිසා මිය යෑම ප්‍රශ්නයක්. දිනකට 27ක් විවිධ අනතුරු නිසා මිය යනව.මෙම අනතුරු නිසා විශාල මුදලක් ප්‍රතිකාර සඳහ වැය වෙනවා.රිය අනතුරු නිසා දිනකට 7-8 පමණ මිය යනවා. මේ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය 18 දින සිට ක්‍රියාත්මක අනතුරු නිවාරණ සතියක් ආරම්භ කළා යැයි ද වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya