ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඩෙංගු මදුරු මර්දන සතිය සැප්තැම්බර් 20 ඇරඹේ - ඩෙංගු බෝවිය හැකි පරිශ්‍ර පිරික්සීමේ කාඩ්පතක් නිවසට...

    සැප්තැම්බර් 18, 2017

    ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීමේ ජාතික වැඩපිළිවෙලක් වන ඩෙංගු මදුරු මර්දන සතිය නැවතවරක් සැප්තැම්බර් මස 20 දින සිට 26 දින කාලය දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අනාවරණය කළේ, ඩෙංගු මර්දනය කිරීමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මෙම හමුව පැවැතිණි.


    මෙම වැඩපිළිවෙලට සමගාමීව  නිවාසවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරික්ෂාකිරීමේ කාඩ්පතක් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කීය. ශ්‍රී ලංකාව තුළ පසුගිය කෙටි කාලයේ දී සීග්‍රයෙන් ලක්ෂයකට වඩා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගියා.ඩෙංගු පාලනය කිරීම සඳහා විශේෂයෙන් මාධ්‍ය සිය උපරිම දායකත්වය ලබාදුන්නා. එයට අප ස්තූතිවන්ත වෙනවා. ඉදිරියේ ක්‍රියත්මක මදුරු මර්දන සතියටත් එලෙසම සහයෝගය ලැබේවි යැයි සිතනවා.

    රජයේ රෝහල් පසුගිය කාලයේ ඩෙංගු රෝගීන් ඇතුළත් කර ගත්තේ නැහැ කියා ප්‍රචාර ගියා .එය එලෙස සිදු කළේ නෑ. අප ඩෙංගු මර්දනයේ දී පුරවැසි භූමිකාව විශ්වාස කළා.ඩෙංගු රෝගය පාලනයේ දී පුරවැසියාට විශාල වගකීමක් තිබෙනවා. මෙවර මදුරු මර්දන සතියත් දිවයිනපුරා ක්‍රියාත්මක කෙරෙනවා.මේ සඳහා ත්‍රිවිධ හමුදාව,පොලීසිය ඇතුළු සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහයෝගය ලබාදෙනවා.අප පාලනය කළ ඩෙංගු තත්ත්වය තවදුරටත් අවම කරගැනීමට තවත් මාස පහක්වත් මේ ක්‍රමවේදය ඉදිරියට ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ සඳහා ප්‍රජාවගේ සක්‍රීය දායකත්වය තිබිය යුතු යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

     

    මේ අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ( මහජන සෞඛ්‍ය ) වෛද්‍ය සරත් අමුණුගම මහතා, ඩෙංගු මර්දන වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ඇතුළු ත්විධ හමුදාව හා පොලීසිය නියෝජනය කරන නිලධාරීන් සහ රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya