මේ පිළිබඳ ව විශේෂ ගිවිසුමක් ඉරානයේ හා ශ‍්‍රී ලංකාවේ අධිකරණ ඇමතිවරුන් අතර ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතව තිබේ.
සිරකරුවන් හුවමාරු කිරීමේ මෙම වැඩසටහන යටතේ සිරකරුවන්ට නිදහසක් හිමි නොවන අතර අදාළ රට තුළදි එම සිරකරුවා ලැබු දඩුවම ඒ ආකාරයෙන්ම තම රට තුළ බන්ධනාගාරවලදි විඳීමට සිදු වේ.
අදාළ ගිවිසුම පිළිබඳ ව මුලික සාකච්ඡා සිදු වු අතර මෙම සිරකරුවන් හුවමාරුව 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ සිදු වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
ඉරානය හා ශ‍්‍රී ලංකාව අතර අධ්‍යාපන සංස්කෘතික සබඳතා අතීතයේ සිට පැවත එන්නක් බවත් එය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.
නව අධිකරණ අමාත්‍ය ධුරයට පත් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට ඉරාන රජයේ සුබ පැතුම් එක් කරන බව ද මෙහිදී තානාපතිවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් , ඉරාන නියෝජ්‍ය තානාපතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.