මේ අනුව සිවිල් ඇඳමින් සැරසුනු පොලිස් නිලධාරීන් සාමාන්‍ය වහානවලින් කොළඹ නගරය තුළ ස්ථානය කිහිපයක් ආවරණය වන පරිදි ගමන් කරමින් මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් නිරීක්ෂණය කරනු ලැබේ. ඉන් අනතුරුව මාර්ගයේ රාජකාරි කටයුතුවල යොදවා ඇති නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මගින් අදාළ වාහන නවතා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
රථවාහන අනතුරු අවමකරමින් විනයගරුක නීති ගරුක රියදුරන් බිහිකිරීමේ වැඩපිළිවෙළේ තවත් එක් අදියරක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.