මාධ්‍ය නිදහස, ජීවත්වීමේ අයිතිය, මානුෂීය අතුරුදන්වීම්, තොරතුරු දැනගැනීමේ පනත වැනි තෝරා ගත් ක්ෂේත්‍ර 10 ක සත්‍ය කතා පිළිබිඔුවන අයුරින් මෙම වාර්තා චිත්‍රපට ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස නිෂ්පාදනය කිරීම සඳහා මෙහිදී ගිවිසුමකට එළඹිණ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී අත්සන් තබන ලද මෙම ගිවිසුමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතාත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් එහි සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතාත් අත්සන් තැබූහ.
ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ ජගත් ලියනාරච්චි, ශාන් විජේතුංග, තරිඳු ජයවර්ධන, බ්‍රිටෝ ප්‍රනාන්දු, කසුන් පුස්සවෙල සහ අනෝමා රාජකරුණා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක සහාය ද මෙම ව්‍යාපෘතියට ලැබෙනු ඇත.