ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පුහුණු ශ‍්‍රමිකයින් විදේශ ගත වීම ඉහළ යයි

    සැප්තැම්බර් 24, 2017

    පුහුණු ශ‍්‍රමිකයින් වැඩි පිරිසක් විදෙස් ගතකිරීම රජයේ අරමුණ වූ අතර එය සාර්ථක කර ගැනීමට හැකි වූ බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇති සංඛ්‍යා දත්ත අනුව 2017 වර්ෂයේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස 8ක කාලය තුළ පිරිමි ශ‍්‍රමිකයින්ට සාපේක්ෂව කාන්තාවන් විදේශ ගතවීම 34.1%ක් බවත්  පුහුණු ශ‍්‍රමිකයින් විදේශ ගතවීම හරහා මෙරටට ලැබෙන විදේශ විනිමය වැඩිකර ගැනීමටද අවස්ථාව උදාවී තිබෙන බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    ඒ අනුව 2017 වසරේ මුල් මාස 8 තුළ ලාංකික ශ‍්‍රමිකයින් 141,725 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, ඉන් කාන්තාවන් 48,374 ක් වන අතර, පිරිමි ශ‍්‍රමිකයින් ප‍්‍රමාණය 93,351කි. මින් වැඩිම ශ‍්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප‍්‍රමාණය 42389කි. අඩුම ශ‍්‍රමිකයින් ප‍්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ ඌව පළාතෙන් වන අතර, එම ප‍්‍රමාණය 3,994කි. මෙම කාලය තුළ වැඩිම ශ‍්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යටයි. මෙම කාලසීමාව තුළ ගෘහ සේවිකාවන් 37,002 ක් විදේශ ගතවී තිබේ.

    2016 වර්ෂයේදී විදේශ ගතවූ මුළු ශ‍්‍රමිකයින් ප‍්‍රමාණය 242,838 වන අතර, ඉන් පිරිමි ශ‍්‍රමිකයින් ප‍්‍රමාණය 160,320කි. ඉන් කාන්තා ශ‍්‍රමිකයින් ප‍්‍රමාණය 82518කි. ඒ අනුව, පිරිමි ශ‍්‍රමිකයින්ට සාපේක්ෂව කාන්තා ශ‍්‍රමිකයින් විදේශ ගතවීම 33.9%කි. එම වර්ෂයේදීත් වැඩිම කාන්තා හා පිරිමි ශ‍්‍රමිකයින් ප‍්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප‍්‍රමාණය 64,901කි. 7,305ක් වන අඩුම ශ‍්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇත්තේ ඌව පළාතෙනි. වැඩිම ශ‍්‍රමිකයින් ප‍්‍රමාණයක් රැකියා සඳහා යොමුවී ඇත්තේ සෞදි අරාබියටයි. එම ප‍්‍රමාණය 63,307කි.

    2015 වර්ෂයේ ගෘහ සේවිකාවන් 73,226 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, 2016 වර්ෂයේ එම ප‍්‍රමාණය 65,023 කි. එසේම අනෙකුත් වෘත්තිමය රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් ප‍්‍රමාණයද වැඩිවී තිබේ. ඒ අනුව 2015 වර්ෂයේ වෘත්තිමය රැකියා සඳහා කාන්තාවන් 17,429ක් විදේශ ගතවී ඇති අතර, 2016 වර්ෂයේදී 17,495ක් වෘත්තිමය රැකියා සඳහා යොමුවී තිබේ.

    මෙසේ විදෙස් ගතවන සියලු දෙනා කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් ගතවීම තුළින් රජය මඟින්ය ඔවුන්ට ලැබෙන වරප‍්‍රසාද භුක්ති විඳිය හැකි බවත්  විදෙස් ගතවන ශ‍්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා කාර්යාංශය මඟින් වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනමන අතර, ලියාපදිංචි වන අවස්ථාවේ නොමිලේ ජීවිත රක්ෂණාවරණයක්ද ලබාදීම සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya