එම නිවාස ව්‍යාපෘතිය මුල්ගලතැබීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
මෙම රතු කුරුස නිවාස ව්‍යාපෘතිය මගින් “town houses” ආකාරයේ තට්ටු නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත් දෙනියාය වැනි ප්‍රදේශවල ඉඩම් බහුලව පැවතියද තැනිතලා සහිත අවදානමෙන් තොර ඉඩම් ප්‍රමාණය අඩු බැවින් මෙලෙස පවතින සම්පතින් උපරිම ප්‍රයෝජනයට ගැනීමට ක්‍රියා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙලෙස ඉදිකරනු ලබන නිවාස තට්ටු දෙකකින් යුක්ත වන බවත් එක නිවසකට පළමු මහල සහ දෙවන මහල යන දෙකම අයත් වන අතර උඩට නැගීමට නොහැකි අය සඳහා බිම් මහලෙහිද කාමරයක් ඇත. ඒ අනුව බිම් මහල මුළුතැන්ගෙය, සාලය සහ කාමරයකින් යුක්ත වන අතර ඉහල මහලෙහිද කාමර දෙකක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.එය ඉතා හොඳ සැලැස්මක් බවත් එවැනි සැලසුම් කිහිපයක් තවදුරටත් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පසුගිය 2003 වර්ෂයේදී ඇතිවූ ගංවතුරෙන් නිවාස හානියට පත්වූ ජනතාවට නිවාස ලබාදීමේදී තමන් පදිංචිව සිටි ස්ථානයේම නිවාස තනාගැනීමට ආධාර කල නමුත් මෙවර ඇතිවූ ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවට ආරක්‍ෂිත ස්ථානවල රාජ්‍ය ආයතනවල විශේෂඥය උපදෙස් ලබාගනිමින් ඔවුන්ගේ අනුමැතියෙන් පසු නිවාස ඉදිකරදීමට යෝග්‍ය භූමින් තොරගනිම්න් කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.