ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්ම හා ධීවර ඒකාබද්ද වැඩපිළිවෙළක්

    සැප්තැම්බර් 25, 2017

    නිසි කළමනාකරණය මගින් ඉදිරි වසර කිහිපය තුළ රටට ආර්ථික ජයග්‍රහහණය ලබාදීමට ධීවර ක්ෂේත්‍රය පෙරමුණ ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කරයි.

    මීගමුවේ දී පසුගිය දා පැවැති සාර්ක් කලාපයේ රටවල් අතර ජලජිවි වගාව නැංවීම සඳහා වන කලාපිය විද්‍යාඥයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින්  ඒ මහතා මේ බව සඳහන් කළේය.

    ඉදිරි වසර කිහිපය තුළ කෘෂිකර්ම හා ධීවර ක්ෂේත්‍ර  ඒකාබද්ධව නව ආර්ථික සංවර්ධන ක්‍රමෝපායන් මගින් මෙරට ප්‍රධාන ආර්ථික උත්පාදන කර්මාන්තය බවට ධීවර කර්මාන්තය පත් කිරීමට අවශ්‍ය  වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙමගින් නිසි කලට කෘෂිකර්මාන්තය සදහා අවශ්‍ය ජලය ලබාදීමත් රට අභ්‍යන්තරයේ සියලු වැව්වල මාළු බෝ කිරීමත් සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැලසුම් කරන අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ අදාළ අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ නිසි කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම  පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

    කලාපයේ රටවල් අතර ජලජිවි වගාව සම්බන්ධ අනාගත අභියෝග හඳුනාගැනීම ,  කලාපිය රටවල් අතර සුදුසු කළමනාකරණ උපායමාර්ග සාකච්ජා කිරීම , ජලජිවි වගාවේ අනාගත අපේක්ෂාව අධ්‍යයනය කිරීම සහ ක්‍රියාත්මක කල හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලක් සැකසීම යන අරමුණින් මෙම සමුළුව පැවැත්වුණි.

    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    කලාපයේ රටවල තාක්ෂණය දැනුම ලබාගෙන රටේ  ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුනින් වැඩපිළිවෙලවල් ගණනාවක් ක්‍රියාත්මක කර ඇති අතර  මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර ධීවර කර්මාන්තය ආශ්‍රිත කර්මාන්ත කලාප ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවත්  මාගේ නිල් ආරථික වැඩපිළිවෙල යටතේ කකුළුවන් ඇතිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

    සියළු ජලාශ වල මිරිදිය ධීවර කර්මාන්තය නැංවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත. මෙමගින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් නව නීති මගින් එම වැව් , ජලාශ රැකගැනීමටත් කටයුතු ආරම්භ කර ඇත.  ඒසඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ධීවර අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩපිළිවෙලක් තුලින් මෙරට ගොවියාගේ හා ධිවරයාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කලයුතු බව මාගේ යෝජනාව බවත් එය මා අපේක්ෂා වන බවත් එමගින් ජනතාවගේ ආර්ථිකය  ශක්තිමත් කළ හැකිය.

    වගාවට නිසි කලට අවශ්‍ය  ජලය ලබාදීමට හා මිරිදිය ධීවර කර්මාන්තය සදහා වැව්වල මාළු බෝකිරීම හා ජලය රැකගැනීම වෙනුවෙන් අමාත්‍යාංශ දෙක ඒකාබද්ධව කටයුතු කල යුතු බවත් රටට අවශ්‍ය  මත්ස්‍ය සම්පත මිරිදිය ධීවර කර්මාන්තය මගින් ලබාදිය හැකි වන අතර  විදේශ රටවලට කකුළුවන් , ඉස්සන් වැනි මත්ස්‍යයින් අපනයන කිරීම මගින් විශාල විදේශ විනිමය උපයාගැනීමේ හැකියාවක් ලැබෙනු ඇත.

    මාගේ නිල් ආර්ථික වැඩපිළිවෙල යටතේ ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය සම්පත නෙලාගැනීමට ශ්‍රී  ලංකාව වෙනුවෙන්ම නිෂ්පාදනය කල නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රථම යාත්‍රා දෙක පසුගියදා ලංකාවට රැගෙන ආ අතර ඉදිරියේදී අවම වශයෙන් එවැනි යාත්‍රා 10 වත් ලංකාවේ ධීවර කර්මාන්තයට එක් කරනු ඇත.

    සාර්ක් සංවිධානයේ කෘෂිකර්ම මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ජලජිවි වගාව පිළිබද විශිෂ්ඨ කළමනාකරණ ක්‍රමෝපායන් දියුණු කිරීම ,හැකියාවන් වැඩිදියුණු කිරීම හා ප්‍රතිපත්ති සංවර්ධනය , සැකසීම සදහා පවත්වනු ලබන සාර්ක් කලාපිය ප්‍රවීණයන්ගේ මෙම සමුළුව සත්‍ය වශයෙන්ම කලාපිය මට්ටමින් ද ගෝලීය මට්ටමින් ද ඉතා කාලෝචිත වැඩසටහනක් බවත් සාර්ක් කලාපිය රටවල් අතරින් බොහොමයක් සාගර ප්‍රදේශවලටත් සාගර ප්‍රදේශ නැති රටවල් අභ්‍යන්තර ජල ප්‍රභවයන්ට හිමිකම් කියනු ඇත.

    මේ නිසා එම රටවල ජලජිවි වගාව මෙන්ම ඒ ආශ්‍රිත කර්මාන්ත වඩා ප්‍රචලිතව පවති. මෙවැනි තත්ත්වයන් හමුවේ එම රටවල් කරදිය ධීවර කර්මාන්තය මෙන්ම බොහෝ රටවල් ඉතා හොදින් මිරිදිය ධීවර කර්මාන්තයේත් නිරතව ඇත. මේ නිසාම එම රටවල ජනයා තම පරිභෝජනයට මත්ස්‍යයින් සපයා ගන්නේ ඒ ආශ්‍රිතයෙන්ය.
     
    ඊට අමතරව මෙම කරදිය , මිරිදිය ධීවර කර්මාන්තය එම රටවල ජනයාගේ අදායම් මාර්ගයක්. මේ අනුව බලන විට ගෝලීය මත්ස්‍ය  නිෂ්පාදනයෙන් 90%ක්ම සපයන්නේ ආසියාව සහ දකුණු ආසියානු කලාපිය රටවල් . ඉන්දියාව සහ බංගලාදේශය ඒ අතරින් ප්‍රධාන වන අතර එම රටවල් ලෝකයේ මත්ස්‍ය නිෂ්පාදනයේ දෙවන හා තුන්වන ස්ථානවල පසුවන අතර  ධීවර කර්මාන්තයෙන් අපනයන ආර්ථිකයට හිමිකම් කියන  දෙවන විශාලතම රට බංගලාදේශයයි.

    මේ ජලජිවි වගාව කෘෂිකර්මාන්තයේ එක් ප්‍රධාන උප අංශයක්. ජනයාගේ ජිවනෝපාය මාර්ග සවි කරණ තවත් එක් ප්‍රධාන ආර්ථික ක්‍රියාවලියක් කිවහොත්  නිවැරදියි . ශ්‍රි ලංකාවේ කරදිය , මිරිදිය, කිවුල්දිය  ධීවර කටයුතු මගින් එදිනෙදා ජීවත් වීම සදහා අදායම් උපාය ගන්නා අතර  ඊට වඩා මෙම ක්‍රියාවලිය තුලින් අපේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයටත් විශාල පිටුවහලක් සැලසේ.

    මේ අනුව  ජලජිවි වගාව ක්‍රමවත් භාවිතය හා යෙදවුම් තුලින් ලංකාවේ පමණක් නොව අප කලාපයේ ම  ආර්ථිකය නංවාලීමට හැකියාව ලැබේ. විශේෂයෙන්ම “ නිල් ආර්ථිකය මත පදනම් වූ ශක්තිමත් ආර්ථිකයක් රටකට ලගාකර ගත හැකි නම් එය එම රටේ ආර්ථික සංවර්ධනයට පමණක් නොව මිනිසාගේ ජිවන තත්වය නංවාලීමට ද හේතු සාධක වේ. එහෙත් පසුගිය වසර කීපය තුල ආසියාතික කලාපයේ මුහුදු ආහාර අපනයන වෙලදපොලේ නිෂ්පාදන වල ගුණාත්මක භාවයේ අඩුවීමක් සිදු වීම දැකගත හැකියි . ඒ සදහා කරුණු කීපයක් හේතු වූ බව පැහැදිලියි . ඒ හේතු අතරට , විවිධ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ගැටළු , නීති රෙගුලාසිවල දුර්වලතා , සමාජ ආර්ථික ගැටළු ප්‍රධාන වේ.

    සත්‍ය වශයෙන්ම ලෝකයේ සීඝ්‍ර ජනගහන වර්ධනයත් සමග ස්වභාවික සම්පත් පරිහරණය වැඩි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එම සම්පත් සීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවති. විවිධ පාරිසරික ගැටළු , දුර්වල කළමනාකරණය මේ සදහා හේතු වී තිබේ. මෙම හේතු ජලජිවි වගාව මෙන්ම එහි සංවර්ධනයට ඉතා අහිතකර බලපෑම් ගෙන දෙනු ඇත. මේ නිසා කළමනාකරණ ක්‍රියාවලියක් වගේම සවිධානාත්මක රාමුවක් තුලින් ඒ ගැටළුවලට විසදුම් සෙවිය හැකි බවයි.

    එවැනි සංවර්ධනයක් තුලින් කලාපිය වශයෙන් ද ගෝලීය වශයෙන් ද ඉදිරියට යාම අත්‍යවශ්‍යයි. එවැනි මොහොතක අද පවත්වන මේ වැඩසටහන ඉතාම කාලෝචිත එකකි. මෙමගින් සාර්ක් කලාපිය රටවල ජලජිවි වගා ක්ෂේත්‍රයේ පවතින ගැටලු , අභියෝග හදුනාගැනීම , නීති , ප්‍රතිපත්ති සාකච්ජා කිරීම ,කළමනාකරණ ප්‍රතිපත්ති සාකච්ජා කිරීම මගින් අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණදී එම අභියෝග ජයගෙන ජලජිවි ක්ෂේත්‍රයේ ගෝලීය අවශ්‍යතා සපුරාලීම උදෙසා මෙම වැඩසටහන මනා පිටුවහලක් වනු ඇත.

    සාර්ක් කලාපයේ රටවල් නියෝජනය කරමින් බංගලාදේශය , භූතානය , ඉන්දියාව , මාලදිවයින , නේපාලය , පාකිස්ථානය   යන රටවල ජලජිවි වගාව පිළිබද විද්‍යාඥයින් මෙම සමුළුවට එක්ව සිටියේය.

    සාර්ක් සංවිධානය නියෝජනය කරමින් ආචාර්ය ෂිඛා ශංකර් ගිරි මැතිතුමා .  ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති අචාර්ය ජෙරී ජයවර්ධන මැතිතුමා හා නාරා ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියහ .

    මෙම සමුළුව තෙදිනයක් පුරා පැවත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya