ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වැසි තත්ත්වය ඉදිරි දිනවලත් දිවයිනට

    සැප්තැම්බර් 26, 2017

    දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද (26) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන ලෙස, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින්විට හමන තදසුළං බලාපොරොත්තුවන අතර උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින්විට හමන තරමක් තදසුළං අපේක්ෂා කළ බව සඳහන් කර ඇත.

    බස්නාහිර, සබරගමුව ,මධ්‍යම සහ දකුණු පළාත්වල විටින්විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම දකුනුපළාතේත්, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් තරමක තදවැසි (මි.මි.75-100 කපමණ) ඇතිවිය හැක.

    ඌවපළාතේ සහ,මඩකලපුව,අම්පාර සහ වව්නියාව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස2.00න් පසුව වැසිහෝගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    වයඹ පළාතේ සහ මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya