ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට සීමිත පදනම මත බඳවාගත් නිලධාරින් 306 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අතර එහිදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නිසිපරිදි තරග විභාග පවත්වා නවක නිලධාරීන් බඳවාගැනීමට කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔවුන් සඳහා දෙස් විදෙස් පුහුණු අවස්ථා නිර්මාණය කරමින් ශක්තිමත් අධ්‍යාපන යාන්ත්‍රණයක් සකස් කිරීම තම අරමුණ බවද සඳහන් කළේය.
අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළත් වන මෙම නවක නිලධාරීන් ඉදිරියේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත නවීන ලෝකයට ගැළපෙන ප්‍රතිසංස්කරණ ශක්තිමත් ලෙස පද්ධතිය තුළ ක්‍රියාත්මක කරලීම සඳහා මහජනතාව සමඟ වඩාත් ඵලදායී ලෙස ගනුදෙනු කළහැකි දක්ෂ නිලධාරීන් පිරිසක් බවට පත්වීමට අදිටන් කරගතයුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර, අතිරේක ලේකම්වරුන් වන එච්.යූ. ප්‍රේමතිලක, මදුරා වේහැල්ල යන මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.