ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නීතිඥවරුන්ට හා විනිසුරුවරුන්ට පුහුණුවීම් ලබාදීමට සහය

    සැප්තැම්බර් 27, 2017

    අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදු කරමින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම සඳහා වත්මන් රජය කැප වී කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

    අමාත්‍යවරිය හා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපති Tung Lai Margue මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදි පැවැති අතර එහිදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    මෙරට නීතිඥවරුන්ට හා විනිසුරුවරුන්ට පුහුණුවීම් ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් හා සහාය ලබාදීම පිළිබඳව මෙහිදී  සාකච්ඡා වූ අතර ඒ සඳහා සහාය ලබාදිමට කටයුතු කරන බව  තානාපතිවරයා පැවසීය . ශ්‍රී ලංකාවේ ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනය ජාතික සංහිදියාව සඳහා අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ද තානාපතිවරයා සඳහන් කළේය.


    GSP+ සහනය ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳව මෙහිදි අදහස් පළ වූ අතර වත්මන් රජය අවශ්‍ය අණ පනත් ගෙන එමින් නීති ප්‍රතිසංස්කරණ සිදු කරමින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    ජාතීන් අතර ආගමික හා ජාතික සංහිදියාව සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව මෙහිදී තානාපතිවරයා සදහන් කළේය.


    මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya