ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පොල් හිඟයට අයහපත් කාලගුණය බලපෑවා - අමාත්‍ය දයාසිරි ජයසේකර

    සැප්තැම්බර් 27, 2017
    මේ දිනවල පවතින පොල් හිඟය සඳහා පසුගිය කාලයේ ඇති වූ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ නියඟ තත්ත්වය හේතු වී ඇතැයි ද මේ වන විට පවතින තත්ත්වය අනුව ඉදිරියටත් මෙම අර්බුදය පැවතිය හැකි බව ක්‍රීඩා අමාත්‍ය හා සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    පඬුවස්නුවර ඇතුළු තවත් ආසන දෙකක පමණ පොල් ගස් ලක්ෂ 2කට පමණ විනාශ වී ඇතැයි ද පඬුවස්නුවර ආසනයේ පමණක් පොල් ගස් 30,000ක් පමණ විනාශ වී ඇතැයි ද පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා එම පොල් ගස්වලින් නැවත ගෙඩි ලබාගැනීම සඳහා දින 45ක් පමණ ගත වන බවත් පෙන්වාදුනි.
     
    ඉදිරියේ දී කප්රුප නමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව ඇතැයි ද පවතින තත්ත්වයට පිළියමක් වශයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    ඊයේ (26) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් ගත යුතු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් මුලින් පැවැති ගංවතුර තත්ත්වය හා පසුව ඇති වූ නිංය කාලගුණ තත්ත්වය හේතු වී ඇතැයි ද සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද මේ සම්බන්ධයෙන් අඳහස් දක්වමින් මෙහිදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya