මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවර්ධනයට මාරු වෙයි

    සැප්තැම්බර් 27, 2017

    කැබිනට් මණ්ඩල තීරණයක් අනුව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලෙස ස්ථාපිත කෙරේ.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛදය ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27)  පැවැත්විනි.‍

    එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැදගත් කොටසක් වන සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ සිදු කෙරුණත් නාමිකව ප්‍රදර්ශන පුවරුවක් මගින් නම් කිරීම අද දින සිදුකරන බවත් මෙම ආයතනය පසුගිය කාලය පුරා  ජනතාවට සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා  විශාල සේවාවක් සිදු කර ඇති බවත් ය.

     සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වෙත ක්ෂේත්‍ර රැසක් සම්බන්ධ වෙමින් පුළුල් කාර්ය භාරයක් වන බවත් එය මෙරට සෑම ප්‍රදේශයකම තිබිය යුතු බවත්  ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මේ අවස්ථාවට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අධ්‍යක්ෂිකා පී.ඩී.සී.දිසානායක මහත්මිය, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පියානි සේනාධීර, විශේෂඥ වෛද්‍ය රංජිත් බටවන්තුඩාව හා විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ නිළධාරීන්ද සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya