සෑම වසරකදීම පාහේ වී සහ සහල්වලට ස්ථාවර මිලක් නියම කිරීම ආදී ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම්වල දී විධිමත් එක් දත්ත මූලාශ‍්‍රයක් නොතිබීම නිසා මහත් දුෂ්කරතාවයන්ට පත්වන අතර එයට පිළියමක් ලෙස මෙම දත්ත මූලාශ‍්‍රය මූලික වශයෙන් නිර්මාණය කර ඇත.
එමගින් දැනට පවතින වී තොග ප‍්‍රමාණය ආදිය පිළිබඳව නිවරැදිව දැනුවත්වී තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය වඩාත් නිවැරැදි කරනු ඇත. රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයකගේම සහයෝගයෙන් ක‍්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ජාතික සැළැසුම් දෙපාර්තමේන්තුව මගින් ද, ගරු අග‍්‍රාමාත්‍යතුමා යටතේ පවතින ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ ම`ගපෙන්වීම් යටතේ ද ක‍්‍රියාත්මක වේ.
මෙම දත්ත සංචිතය හරහා වගා කිරීමට නියමිත ප‍්‍රමාණය, වගා කළ ප‍්‍රමාණය, මු`ඵ වී නිෂ්පාදනය, දැනට පවතින තොග ප‍්‍රමාණය, වී අලෙවි මණ්ඩලය මිලදී ගත් තොග ප‍්‍රමාණය, ලබාගත් ඔඩපන ණය ප‍්‍රමාණය, ආනයනය සහ අපනයනය, ආදී තොරතුරු ලබාගත හැකිය. මෙම දත්ත දිස්ත‍්‍රික්ක වශයෙන් වෙන් වෙන්ව ඉදිරිපත් කෙරෙන අතර දත්ත ඇතුළත් කිරීමේ කටයුතු පාරිභෝගික කටයුතු පිළිබ`ද අධිකාරිය සහ වී අලෙවි මණ්ඩලයේ දිස්ත‍්‍රික් නිළධාරින් මගින් අදාල වගා කන්නය අවසානයේ දී සිදුකරනු ඇත. මෙම දත්ත ඇතුළත් කිරීමේ කටයුතු ලබන මහ කන්නය (2017/18) අස්වනු නෙලීමත් සමඟ ඇරඹීමට නියමිතයි.
මෙම දත්ත අතර වී වගා කිරීමට හැකි ප‍්‍රමාණය, නිත්‍ය වශයෙන් වගා කළ ප‍්‍රමාණය, මුළු වී/සහල් නිෂ්පාදනය ආදී දත්තයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සෑම කන්නයකදීම ඇතුළත් කරනු ඇත. ශ්‍රී ලංකා රේගු අධිකාරිය හරහා සෑම මාසයකම ආනයන අපනයන දත්ත ඇතුළත් කිරිමට නියමිත අතර රාජ්‍ය සහ රාජ්‍ය නොවන බැංකු මගින් මෝල් හිමියන් ලබාගන්නා ඔඩපන ණය ආදියෙහි තොරතුරු ඉදිරිපත් කරනු ඇත. මෙම ඔඩපන ණය තොරතුරු මගින් මොල් හිමියන් සතුව පවත්නා වී සංචිත පිළිබදව තොරතුරු ලබාගත හැකිවේ. මෙම ඔන්ලයින් දත්ත සංචිතය දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්‍ෂණ පීඨය මගින් සංවර්ධනය කෙරෙමින් පවතී.