පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දුෂ්කර නෙළුම්ගම වැසියන්ට කුඹුරු ඉඩම් අක්කර සියයක්

    සැප්තැම්බර් 28, 2017

    පුත්තලම කරුවලගස්වැව නෙළුම්ගම ගම්මානයේ ජනතාව වෙත කුඹුරු ඉඩම් අක්කර 100 ක් ප‍්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ.

    මීට වසර 08 පමණ ඉහතදී පිහිටවූ ගම්මානයක්වන නෙළුම්ගම ගම්මානයේ පදිංචි පවුල් ගණන 100 කි.

    ජනතාව පදිංචි කළද ඔවුන් වෙනුවෙන් පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබුණේ නැත. ගොවි ජනතාවක් වෙසෙන මෙම ගම්මානයේ එක් පවුලක් වෙත කුඹුරු ඉඩම් අක්කරය බැගින් ගොවි පවුල් 100 අතර කුඹුරු ඉඩම් අක්කර 100 ක් සින්නක්කර ඔප්පු මත ප‍්‍රදානය කිරීමට රජය පියවර ගෙන තිබේ.  

    මෙම ගම්මානයේ ජනතාව මුහුණ පා සිටින ප‍්‍රධාන ගැටළුව වන්නේ පානීය හා වගා ජලය ලබා ගැනීමේ අපහසුතාවයයි. මෙම තත්ත්වය නිසාම එක් කන්නයකට රුපියල් 20000 බැගින් වූ ආධාරයක්  සෑම පවුලක් වෙතම ලබා දීමටද රජයට සිදුව තිබේ. ආධාරයට වඩා එම වැසියන් ඉල්ලා සිටින්නේ ජල ගැටළුව විසදා දෙන ලෙසයි.

    මෙම ඉල්ලීම පිළිබඳ අවදානය යොමු කරමින් කුඹුරු ඉඩම් සඳහා අවශ්‍ය වාරි ජලය ලබා දීමේ කඩිනම් ව්‍යාපෘතියක් මේ වන විට කි‍්‍රයාත්මකය. මාන්කුලම වැවේ ජලය උපයෝගී කර ගනිමින් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වේ. ඒ වෙනුවෙන් මාන්කුලම වැව සංවර්ධනය කිරිමටද පියවර ගෙන ඇති අතර නෙළුම්ගම දක්වා ජලය සැපයීමට වෙනම වාරි ව්‍යාපෘතියක්ද කි‍්‍රයාත්මකය. ඒ වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් ලක්‍ෂ 70 කි. වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ, මෙම ව්‍යාපෘතියේ සියළු කටයුතු ඉදිරි මාස තුනක කාලය තුළ අවසන් කිරිමට පියවර ගන්නා බවයි. එමෙන්ම නෙළුම්ගම ගොවි ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya