පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යුක්තිය පසිඳලීම කාර්යක්ෂමව සිදු කිරීමට රජය පියවර රැසක් ගෙන තිබෙනවා

    සැප්තැම්බර් 28, 2017

    යුක්තිය පසිඳලීම කාර්යක්ෂමව සිදු කිරීම, අධිකරණ කටයුතුවලදී ඇති නඩු ප‍්‍රමාදයට විසදුම් ලබාදීම, ස්ති‍්‍ර පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම සදහා වත්මන් රජය පියවර රැසක් ගෙන තිබෙන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරල මහත්මිය පවසයි.

    අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, ශී‍්‍ර ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති හීන්ස් වෝකර් නෙදර්කොම් මහතා හා සන්නද්ධ ශක්තිය පාලනය කිරීම පිළිබඳව ජිනීවාහි අන්තර්ජාතික ආරක්ෂක අංශයේ උපදේශාත්මක කණ්ඩායම සමඟ අධිකරණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.


    යුක්තිය පසිඳලීමේ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම නඩු ප‍්‍රමාදය අවම කිරිම සදහා අණ පනත් සංශෝධනය ආදී කරුණු පිළිබඳව මෙහිදි අමාත්‍යවරිය විසින් එම නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.

    සංවිධානාත්මක අපරාධ මර්දනය කිරිම, නීති විරෝධි අවිධිමත් සංක‍්‍රමණ,අන්තර්ජාතික අපරාධ වැනි කරුණු වලදී ශ‍්‍රී ලංකාවට උපරිම සහාය ලබා දෙන බව මෙහිදී එම නියෝජිත පිරිස සදහන් කළහ.

     

    වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිම සදහා රජය විසින් අධිකාරියක් පිහිටුවා ඇති බවත් එහි කටයුතු මේ වන විට සාර්ථකව සිදු වන බවත් අමාත්‍යවරිය මෙහිදී සදහන් කළ අතර  එම නියෝජිත පිරිස ප‍්‍රකාශ  කළේ ය. අධිකාරියේ කටයුතු සදහා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව, ශී‍්‍ර ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එනු ලබන පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් මත්ද්‍රව්‍ය විකුණනු ලබන පුද්ගලයින් පාලනය කිරීම සදහා ද තාක්ෂණික හා අනෙකුත් අවශ්‍ය සහාය ලබා දිය හැකි බව ද මෙහිදි නියෝජිත පිරිස සදහන් කළේ ය.

     

    මෙරට අධිකරණ නිළධාරීන්ගේ සංඛ්‍යාව, නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කටයුතු සාර්ථකව හා කාර්යක්ෂමව සිදු කරන ආකාරය පිළිබඳව මෙහිදි සාකච්ඡා
    විය.


    ජිනීවා මධ්‍යස්ථානය ස්විට්සර්ලන්ත රජය විසින් 2000 වසරේ ඔක්තෝම්බර් මස ස්ථාපිත කර ඇති අතර හවුල්කාර රාජ්‍යයන්ට අන්තර්ජාතික මූල ධර්ම සහ දේශිය වශයෙන් උපයෝගී කර ගත හැකි වඩාත් හොඳ පරිචයක් ළඟා කර ගැනිමට ප‍්‍රතිසංස්කරණ සිදු කිරීම,රාජ්‍යයන්ගේ ආරක්ෂක අංශයන්හි පාලනය වැඩි දියුණු කිරීම සදහා සහාය දැක්වීම මෙම මධ්‍යස්ථානය සිදු කරයි.

    සන්නද්ධ ශක්තිය පාලනය කිරීම පිළිබඳව ජිනීවාහි අන්තර්ජාතික ආරක්ෂක අංශයේ උපදේශාත්මක කණ්ඩායම විසින් අභ්‍යන්තර ගැටුම් වලින් බලපෑමට ලක් වු රාජ්‍යයන්ට ආරක්ෂාව සැපයීම, යුක්තිය ඉටු කිරීම සදහා ප‍්‍රායෝගික වශයෙන් සහාය ලබාදීම සිදු කරයි.මෙහිදී එම කණ්ඩායම විසින් අදාළ සේවාවන් සදහා උපදෙස් සැපයීම නියෝජනය කිරීම සහ සමාජ සහභාගිත්වය අවබෝධාත්මක සේවාවන් පුහුණු කිරීම් සහ හැකියාවන් සංවර්ධනය සදහා සේවාවන් ලබා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya