මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ධීවර කටයුතු සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය තදින්ම

    සැප්තැම්බර් 28, 2017
    මසුන් මැරීම සඳහා ඩයිනමයිට් ඇතුලු වෙනත් පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම වැඩි වී ඇති බවත්, එමනිසා එවැනි පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මත්ස්‍ය සම්පත විනාශ කරන ධීවරයින් අත් අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාවික හා පොලිස් නිලධාරින්ට උපදෙස් දී ඇත.
     
    ධීවර අමාත්‍යාංශයේ දී ධීවර උපදේශක සභාව රැස් වු අතර එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙම අවස්ථාවට මහවැලි, වාරිමාර්ග, වනජීවි, නාවික හමුදාව, පොලිසිය, වෙරළාරක්ෂක බලකාය ඇතුළු සියලුම අංශ නියෝජනය කරමින් නිලධාරින් හා ධීවර සංගම් නිලධාරිහු ද සහභාගි වුහ.
     
    මෙහිදී සහභාගි වු ධීවර නියෝජිතයින් කියා සිටියේ නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ කීපයක ඩයිනමයිට් සහ වෙනත් පුපුරන ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් මැරීමේ ක්‍රමය ඉහළ ගොස් ඇති බවයි.  ඩයනමයිට් යොදා මසුන් මැරිම මගින් මත්ස්‍ය සම්පතට මෙන්ම කොරල් පර, මුහුදු පැළෑටි, මත්ස්‍ය බිත්තර සහ පැටවු මෙන්ම විශාල වන මසුන් මරණයට පත් වන බවයි.
     
    එමෙන්ම ඩයිනමයිට් යොදා මරා දමන මසුන් පාරිභෝජනයට නුසුදුසු වන අතර ඒවා ඉක්මනින්ම නරක් වන බව ද නිලධාරිහු පැහැදිළි කළහ.
     
    ඒ අනුව ඩයිනමයිට් යොදා මසුන් අල්ලන ධිවරයින් මෙන්ම  එම මාළු ප්‍රවාහනය කරන සහ අලෙවි කරන පුද්ගලයින් ද අත්අඩංගුවට ගැනිමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දෙන ලදි. 
     
    මෙම වසරේ ගත වු කාලය තුළ ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැටලීම් 352ක් මහජනතාවගෙන් ලැබුණු තොරතුරු මත සිදු කරන ලදැයි ද එමගින් අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ට නඩු පවරා ඇති බවත් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
     
    ධීවරයින්ට පුපුරන ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරිකයින් කවුදැයි සොයා බලා ඔවුන් ද අත්අඩංගුවට ගන්නා ලෙස අමාත්‍යවරයා ආරක්ෂක අංශවලට උපදෙස් දෙනු ලැබිය.
     
    මෙම උපදේශක සභා රැස්වීමට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, අමාත්‍යංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්ම මහත්මිහු ද සහභාගි වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya