වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා මේ බව පැවසුයේ, අද (28) දා සෙත්සිරිපාය,වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට
සහභාගි වෙමිනි.
“පොල් ක්ෂේත්‍රයේ හිඟයක් ඇති වෙලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම විවෘත ආර්ථිකයේ තියෙන පොදු දෙයක්. අපිට විවෘත ආර්ථිකයේදී මිළ සම්පුර්ණයෙන්ම පාලනය කරන්න බැහැ. 2015 සහ 2016 දී දැඩි නියඟයක් තිබුණා. ඒ නියඟය නිසා අපේ පොල් නිෂ්පාදනය අඩු වුණා. ඒ නිසා අවශ්‍ය පොල් ප්‍රමාණය වෙළඳපොළට යන්නේ නැහැ. එම නිසා තමයි මිළ වැඩිවීමක් වෙලා තියෙන්නේ. දෙවෙනි හේතුව තමයි අතරමැදියා. අපි ගණන් හදලා තියෙන විදිහට අතරමැදියා රුපියල් 30ක වෙනසක් තියාගන්නවා.
පොල් මිළ රුපියල් 50 නම් අතරමැදියා නිසා පොල් ගෙඩියක් රුපියල් 70,80 වෙනවා. අපි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කළා විශේෂ වැඩපිළිවෙලක් යොදවන්න. අපි ලබන සතියේදී ඒකට කැබිනට් පත්‍රිකාවක් යොදවනවා. විශේෂයෙන්ම ඒ ඒ ගම් අතරට අවශ්‍ය පොල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව ලබන සති 02,03 ඇතුළත පොල් වල මිළ යම් කිසි අඩුවීමක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එවැනි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් අපේ අමාත්‍යාංශයට තියෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.