මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    අද මධ්‍යම රාත්‍රීයේ සිට ආහාර ද්‍ර‍ව්‍ය කිහිපයක මිල පහළට

    සැප්තැම්බර් 28, 2017

    දිවයින පුරා ලංකා සතොස අළෙවිසැල්වල අද (28) මධ්‍යම රාත්‍රීයේ සිට හාල් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දැමෙන බව ලංකා සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පැවසීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබෙන බව අද (28) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව මිල ගණන් අඩු වූ ආහාර ද්‍ර‍ව්‍යයන් පහත සඳහන් පරිදි වේ.

    ද්‍රව්‍ය (කිලෝ ග්‍රෑම් 1)          පෙර මිල                       නව මිල

    නාඩු (සුදු)                               රු. 77                   රු.74
    සුදු කැකුළු                               රු. 68                    රු.65
    සම්බා සහල්                             රු.89                      රු. 84
    රතු කැකුළු                              රු.77                      රු.75
    රතු නාඩු                                රු.83                       රු.80
    සුදු කැකුළු සම්බා                       රු.94                       රු. 90
    රතු කැකුළු සම්බා                      රු.90                        රු.88
    හාල් මැස්සන්                           රු. 539                    රු.525
    කැඩුනු සහල්                           රු.65                       රු.60

    මීට අමතර පහත සඳහන් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වෙළෙඳපොල මිලට වඩා අඩුවෙන් පවත්වාගෙන යනු ලබන බව ද තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.

    බී ලූණූ                                           රු.125
    අර්තාපල් (දේශීය)                             රු.130
    ටින් මාළු (ග්රෑම් 400)                        රු.130
    ලක් සතොස කිරිපිටි  (ග්‍රෑම් 400)        රු.305
    ලක් සතොස කිරිපිටි (කිලෝ ග්‍රෑම් 1)  රු.760
    සීනි රු.107
    පරිප්පු රු. 152

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya