පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබදව සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්

    සැප්තැම්බර් 29, 2017

    දේශපාලන මත වෘත්තීය ගැටලු විසදීමේ දී ඉවත් කර, ජාත්‍යන්තරය පිළිගන්නා වූ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කිරිමට පියවර ගන්නා ලෙස තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් සහ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


    වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කිරිම පිළිබදව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ පිඨාධිපතිවරුන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (28) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි. එම සාකච්ඡාවේ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (28) පස්වරුවේ කිරිබත්ගොඩ මුලික රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළේය.

    මෙම ඒකකය ඉදිකිරීම සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 70  කි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ පිඨාධිපතිවරුන් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවත්වුනා. එහිදී වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබදව සාකච්ඡා කළා. දේශපාලන මතවාද ඉවත් කර වෘත්තීය ගැටලු විසදීමට එක්වන්න කියා මා ඉල්ලා සිටියා. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමීන් සහ ඇතැම් වෛද්‍ය සංගම් කියන විදිහට තීන්දු තීරණ ගන්න එපා කියා මම ඔවුන්ට දැනුම් දුන්නා.


    එක ප්‍රමිතියක සිට කටයුතු කළ යුතුයි. මම ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. නමුත් පක්ෂ වෙනස් කළා. දේශපාලන වේදිකාවෙත් මම මගේ ප්‍රතපත්තිය කියනවා. සයිටම් දුර්වල සටන් පාඨයක්. උසස් අධ්‍යාපනය සහ පෞද්ගලික අධ්‍යාපනය විදේශ රටවල ද තිබෙනවා. මෙරට සිටින ඇතැම් වෛද්‍යවරු විදේශ රටවල වෛද්‍ය අධ්‍යාපනය හැදෑරු අයයි. නමුත් ලංකාවට ඇවිත් විරෝධය පළ කරනවා. වැඩ කරනවාට වඩා නොකරණ අය ලංකාවේ වැඩියි. එය ජනප්‍රිය කථාවක්.


    කැළණිය ආසනයෙත් මීට පෙර හොද කට්ටිය හිටියා. නමුත් මරා ගන්නා දේශපාලන සංස්කෘතිය අද කැළණියේ නැහැ. වසර 30 ක් පමණ පැවැති යුද්ධය නිමා කළ නායකයා තමයි කැළණිය අද බලාගන්නේ. සරත් ෆොන්සේකා මහතා අවස්ථා 03 ක දී බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වුනා. යුධ සමයේ සිට ඔහු සටන මෙහෙය වූවා. රණවිරුවෝ කියලා බොරුවට කෑ ගහන අය හිටියේ කොළඹ. සයිටම් ආයතනය බදාගෙන කෑගහන අය කියනවා නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවා කියලා. නමුත් අපේ රජය තමයි නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය නිසි පරිදි ලබාදෙන්නේ.

    මෙම අවස්ථාවට අමාත්‍ය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන අමල් හර්ෂ ද සිල්වා , අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya