මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය පරිපාලන විභාගයේ ප්‍රශ්න පත්‍රයක් නැවත පැවැත්වීමේ තීරණයක්

    සැප්තැම්බර් 29, 2017

    රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය අවලංගුකොට නැවත ඒ සඳහා විභාගයක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ පුෂ්පකුමාර මහතාට නියෝග කර ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පර්යේෂණයට  අදාළ විමර්ශන වාර්තාව ද සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ  ඊයේ (28) විභාග දෙපාර්තමේන්තුව ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සමඟ සිය නිල කාර්යාලයේ දී පැවති රැස්වීමකින් අනතුරුවයි.


     
    පසුගිය දා පැවති රාජ්‍ය පරිපාලන විවෘත තරග විභාගයේ ප්‍රශ්න පත්‍ර 05 අතරින් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ අඩංගු වූ ප්‍රශ්න කිහිපයක් පසුගිය ප්‍රශ්න පත්‍ර කිහිපයකින් උපුටාගත් බවට තොරතුරු ලැබී තිබූ බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග කොමසාරිස්වරයාට දෙනු ලැබූ උපදෙස් පරිදි මෙම පර්යේෂණය සිදු කර අදාල විමර්ශන වාර්තාව සම්පාදනය කර ඇත.

     

    එම විමර්ශන වාර්තාව සැලකිලිකට ගත් අමාත්‍යවරයා  මෙම ප්‍රශ්නපත්‍රය සකස් කළ බාහිර විද්වතුන්ගෙන් සමන්විත ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලය ද විභාග කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ද  උපදෙස් ලබාදී ඇත.

     විභාග කටයුතුවලට අදාළ රහස්‍යභාවය ආරක්ෂා කිරීම, ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සහ ඊට අදාළ උත්තර පත්‍ර සකස් කිරීම, පරිගණක  පද්ධතිවල රහස්‍යභාවය ආදී කරුණු රැසක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් නිලධාරීන් සමඟ කරුණු සාකච්ඡාවට ලක් විය.

    විභාග සම්බන්ධයෙන් ජනතාව තුළ පවත්නා විශ්වසනීයත්වය හා පිළිගැනීම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වගකීමෙන් යුක්තව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ අමාත්‍යවරයා, යම් නිලධාරියෙකු එම වගකීම පැහැර හරින්නේනම් තරාතිරම නොබලා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya