අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, අධිකරණ අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව රත්නපුර කහවත්ත ප‍්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, තවත් කෙනෙක් අපේ කි‍්‍රයාවක් දිහා බලලා සතුටු වෙනවානම් අපිට ඒක මුදලට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ අමාත්‍යංශය ගන්නත් මම කිසිම කෙනෙක්ගේ පස්සෙන් ගිහිල්ලා නෑ. ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පස්සේ මට විදේශ රැකියා අමාත්‍යංශය ලැබුණා. මම හිතුවේ මුලින්ම මට නියෝජ්‍ය අමාත්‍යධූරයක් ලැබෙයි කියලා දිස්ති‍්‍රක් නායිකාව නිසා කියලා, ඒ වගේම අහම්බෙන් මේ අමාත්‍යකමක් ලැබුණා. ගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ආශිර්වාදය ඇතුව මේ කටයුතු කරන්න මට 148000ක ඡන්ද ප‍්‍රමාණයක් ලබාදුන්නා.
මම මීට පෙරත් කිව්වේ උපරිම විශ්වාසයකින් යුතුව රට යන්න අවස්ථාව සලසනවා කියලා.ඒ වගේම මගේ කාලයේ තමයි ඉතිහාසයේ ප‍්‍රථමවරට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලාභයක් ඉපයුවේ. දූෂිත කි‍්‍රයා සම්පූර්ණයෙන්ම නතර කරන්න පුළුවන් වුණා. නමුත් තවමත් ඇතැම් අය අපිට මඩ ගහනවා. ඒකට කිසිම ප‍්‍රශ්නයක් නෑ. මම හරිදේ කරනවා.කරලා පෙන්වලා තියෙනවා. මේ රටට ප‍්‍රධාන ආදායම ගෙනෙන තැන තිබුණ දූෂිත කි‍්‍රයා නතර කරලා මේ අවුරුදු 2 තුළ ලාභ ලබන මට්ටමට ගෙනෙන්න පුළුවන් වුණා යැයි ද අමාත්‍යවරිය පැවසී ය.