රණවිරු අනුස්මරණයේ වටිනාකම හා පොපි ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම පාගමනනේ අරමුණ විය.
ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලින් ආරම්භ වූ පා ගමන ලංකා බැංකු මාවත යෝක් වීදිය, චැතැම් වීදිය, ඕල්කට් මාවත, සෝන්ඩර්ස් පෙදෙස, බෝධිරාජ මාවත, කෙළින් වීදිය ඔස්සේ ගොස් බ්‍රිස්ටල් වීදියේ පිහිටි ශ්‍රි ලංකා සේවා මුක්ත භට සංගම් මූලස්ථානය අසලින් අවසන් විය.
පා ගමන සඳහා ත්‍රිවිධ හමුදා තූර්යවාදක කණ්ඩායම් පෙරටු කොටගත් සේවා මුක්ත භටයින් විශාල පිරිසක් සහභාගී වූ අතර එහිදී ලංකාවේ පැරණි මෝටර් රථ කිහිපයක් ද ධාවනය වූ අතර එය නරඹන්නන්ගේ විශේෂ අවධානයට යොමු විය.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මඟින් මෙම පා ගමන සංවිධානය කර ඇත.