අමාත්‍යංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති එමගින් රටට ලැබෙන ප්‍රතිලාබ විදේශීය වශයෙන් රටට ලැබෙන ආයෝජන අවස්ථාවන් මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යපෘති ඇතුළු තොරතුරු රැසක් මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිවේ.
සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම වෙබ් අඩවියට තොරතුරු ඇතුලත් කර තිබෙන අතර ජංගම දුරකතනය ඔස්සේද මෙම වෙබ් අඩවියට ප්රවේශවීමේ පහසුකම් සහිතව නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන බව නියෝජිතායතනය පවසයි.
මෙම වෙබ් අඩවිය දියත් කිරීම අමාත්‍යය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතින් සිදුවු අතර එහිදී අදහස් දැක්වු සරත් ෆොන්සේකා මහතා සදහන් කර සිටියේ අභිනවයෙන් ආරම්භ කරන ලද තම අමාත්‍යංශයේ තොරතුරු රටට ජනතාවට සහ ආයෝජකයින්ට දැන ගැනීම සදහා වෙබ් අඩවියක් එලිදැක්වීමට හැකිවීම කාලීන වශයෙන් ඉතා වැදගත් වන බවයි.
www.mrd.gov.lk වෙබ් ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැක.