අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සියවස් පූර්ණය නිමිත්තෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පසුගිය දා පැවති උත්සව සභාවක් අමතමිනි.
"සේවකයින් බඳවා ගැනීමේදී උසස්වීම් ලබා දීමේදී එන්ජින් මැදිරි ආනයනය කිරීමට යාමේදී මේ වෘත්තිය සමිති තමන්ගේ පැවැත්ම වෙනුවෙන් විරුද්ධවීම දුම්රිය සේවාවේ අංගයක් වෙලා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සියවස් පූර්ණය සපුරන මේ මොහොතේ මම සියළු දුම්රිය සේවකයින්ගෙන්, දුම්රිය වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටිනවා මේ වෘත්තිය බල අරගලය පසෙකලා දුම්රිය සේවාවේ උන්නතිය වෙනුවෙන් එක්වී කටයුතු කරන්න කියලා "
"වෙනත් සේවාවන්වල විවිධ වෙනස්කම් හා විපර්යාස සිදුවුණත් දුම්රිය සේවාවේ වෙනස්වීමක් වෙන්නේ නැහැ. එහෙම වෙන්න හේතුව දුම්රිය සේවාව මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන නිසයි. කෝපි ඇතුළු අපනයන වැවිලි බෝග ප්‍රවාහනය සඳහා අධිරාජ්‍යවාදීන් විසින් දුම්රිය සේවාවේ ප්‍රමුඛයා බවට පත්වෙලා තියෙනවා. දුම්රිය සේවාවට හොඳ ඉතිහාසයක් හා අනන්‍යතාවයක් තියෙනවා. ඒ වගේම දුම්රියටම සීමා වුණු සංස්කෘතියක් තියෙනවා. ඒක දුම්රිය සේවායේ අභිමානයයි".
"ලොව වෙනත් රටවල්වල දුම්රිය සේවාවේ වෙනස්කම් කරනවා. තාක්ෂණික වශයෙන් මගී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම එක් උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන්. ඒ ක්‍රමවේදය අපේ රටෙත් ස්ථාපිත කිරීම ප්‍රායෝගිකයි. එහෙම වුණත් ඇතැම් රටවල් දුම්රිය ධාවනයේදී අධිවේගී දුම්රිය හඳුන්වා දෙනවා. ඒත් අපට එහෙම දුම්රිය ධාවනයක් සිදු කරන්න බැහැ. අපේ රටේ දුම්රිය මාර්ගය හරහා හරස් මාර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙම වෙනකොට දුම්රියට අධිවේගයෙන් ධාවනය කරන්න බැහැ".
"මේ හැමදෙයක්ම කරන්න යාමේදී දුම්රිය වෘත්තිය සමිති විරුද්ධවීම දුම්රිය සංස්කෘතියේ එක් අංගයක් වෙලා. ඒ වගේම දුම්රිය වෘත්තිය සමිති අතර ඒකාධිකාරිය පවත්වාගෙන යාමටත් ඔවුන් අතර බලය අභිභවනය කිරීමට යාමේදී මේ අරගලය ඉස්මතු වෙනවා. ඉතින් ඒක දුම්රිය සේවාවේ ප්‍රවර්ධනයට ලොකු බාධාවක්. මේ තත්ත්වය වෙනස් විය යුතු" යැයිද අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.අබ්දුල් හලීම්, තැපැල්පති ඩී.එල්.එල්. රෝහන අබේරත්න, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී. එස්. විතානගේ, දුම්රිය සාමාන්‍යාධීකාරී එස්. එම්. අබේවික්‍රම මහතා ඇතුළු දුම්රිය නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වුහ.