රට බෙදීමට යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව මත නිර්මාණය කරමින් රට ගිනි නොතියන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අතුරු වාර්තාවේ ඇත්තේ සියලුම දෙනා ඉදිරිපත් කර තිබෙන යෝජනා වන හෙයින් ඒ පිළිබඳ සාකච්ජා කළ හැකි බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කියා සිටියි. අතුරු ව්‍යවස්ථාවේද ඒකීය යන්න හැලී නොමැති බව පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට දෙමළ ජාතික සන්ධානයද ඒකීය යන්න පිළිගෙන ඇති බවයි.
එය රටක් ලෙස විශාල ජයග්‍රහණයක් බවයි හෙතෙම අවධාරණය කළේ. 1995/97 හා 2000 යන වසර වල ජී.එල්. පීරිස් මහතා සැකසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන සැකැස්ම තුළ ඒකීය යන වචනය ඇතුළත් නොවූ අතර මෙවර එවැන්නක් නොවී රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට හැකි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා පොරොන්දු වූ පරිදි අතුරු වාර්තාව තුළ රටේ ඒකීයභාවයට හෝ බුද්ධාගමට හානියක් කර නොමැති බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.