ඒ මහතා මීට පෙර උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් , ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසත් , සමෘද්ධි , ග්‍රාමිය සංවර්ධන , කදුරට සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් , විවිධ රාජ්‍ය ආයතන වල ප්‍රධාන තනතුරු රාශියක් දැරූ අයෙකි.
සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දී ඒ මහතා වැඩ භාරගත් අවස්ථාව සදහා අමාත්‍ය එස්.බී.දිසානායක , අමාත්‍යාංශ ලේකම් ශිරාණි වීරකෝන් , අතිරේක ලේකම් හා හිටපු වැඩ බලූ සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් ප්‍රදීප් යසරත්න , සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති කීර්ති මාවැල්ලගේ යන මහත්වරුන්ද ඇතුළුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් රාශියක් සහභාගි වූහ.