බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ සහ උතුරු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.
සෙසු පළාත්වල (විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල) තැනින් තැන සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට (මි.මි.75-100 පමණ ) තරමක තද වැසිද බලාපොරොත්තු විය හැක.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී.40-50) අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.