ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හෙට සිට සවසට වැසි

    ඔක්තෝබර් 09, 2017

    ඔක්තෝබර්මස 10 වන දින සිට සවස්කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

    සෙසු පලාත්වල  (විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ) තැනින් තැන සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    ඇතැම් ස්ථාන, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත්  (මි.මි.50පමණ ) තරමක තද වැසිද බලාපොරොත්තු විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya