ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පළාත් මට්ටමින් විශ්‍රාමික දින සැමරුම පැවැත්වීම විශ්‍රාමිකයන් ලැබූ ජයග්‍රහණයක්

    ඔක්තෝබර් 10, 2017

    කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෙතෙක් කල් පවත්වනු ලැබූ ජාතික විශ්‍රාම වැටුප් දින සැමරුම මෙවර ‘විශ්‍රාමයට සවියක්“ තේමාව පෙරදැරිව දිවයින පුරා සෑම විශ්‍රාමිකයෙකුම නියෝජනය වන අයුරින් පළාත් මට්ටමින් සැමරීමට කටයුතු කිරීම විශ්‍රාමික ඔබ ලැබූ ජයග්‍රහණයක් බව සබරගමු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා පවසයි.

    සබරගමු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා මෙසේ පැවසුයේ 2017 වර්ෂයේ සබරගමු පළාත් විශ්‍රාම දින සැමරුම් උත්සවයේදීය.

    මෙම විශ්‍රාමික ජාතික දින සැමරුම් වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළහ.

    තවදුරටත් කතා කළ ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා දශක තුනක අධික ජීවිතයේ වටිනාම කාලසීමාව රාජ්‍ය සේවය වෙනුවෙන් කැප කරමින් තිරසාර සංවර්ධනයක් උදෙසා දායක වූ ඔබ සැම ඇගයීමට ලක් කිරීම පිළිබඳ තමා සතුටු වන බව ද පැවසීය.

    විශ්‍රාමික ඔබ සැමගේ නොවිසදුණු ගැටලු සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ජා කිරිමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය. කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක නියෝජනය කරන විශ්‍රාමික මහත්ම මහත්මීන් 400 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    මෙහිදි විශ්‍රමිකයන් සඳහා ජංගම වෛද්‍ය සායනයක් හා වරකාපොල වැඩිහිටි සංගමය මගින් ඉදිරිපත් කෙරුණු නර්තන අංග කිහිපයකින් උත්සවය වර්ණවත් කෙරිණි.

    DMU/kegalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya