ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ඉඩම්වල ගෙවතු වගා වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 13, 2017

    සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත්ව ඇති සියලු රජයේ ඉඩම්වල ගෙවතු වගා ඇති කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    එමෙන් ම ග්‍රාම නිලධාරීවරු, සංවර්ධන නිලධාරීවරුන් හා සමෘද්ධි නිලධාරීන් යොදා ගෙවතු වගා ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් සෑම රාජ්‍ය නිලධාරියකු ම තම ගෙවත්තේ ද ආහාර බෝග සිටුවා වගා සංග්‍රාමයට ක්‍රියාකාරීලෙස දායක කරගැනීමට කටයුතු කරමින් සිටින බව  අමාත්‍යවරයා  සඳහන් කළේය.

    "එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු" ජාතික ආහාර නිෂ්පපාදන සංග්‍රාමය 2017 වැඩසටහනට සමගාමීව රාජ්‍ය නිලධාරීන්ගේ දිනය  පසුගිය 11 වැනි දිනට යෙදී තිබුණු අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශ භූමියේ පැල සිටුවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    ගෙවීයමින් පවතින 2017 වර්ෂය රජයක් ලෙසත් රටක් ලෙසත් ජනතාව ලෙසත් සියලු දෙනාට දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදු වූ වර්ෂයක් ලෙස ඉතිහාසයට වනු ඇතැයි

    රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 95ක් මහා ගංවතුරකින් හා නායයෑම්වලින් විපතට පත්වෙද්දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 117ක් දැඩි නියඟය නිසා හානියට පත් වූ බව පෙන්වා දුන් ඒ මහතා  රටේ ග්‍රාම සේවා වසම් 14,022න් 5550ක් මෙම ආපදාවන්ට ලක් වූ බව ද සඳහන් කළේය.

    පසුගිය දිසාපති සමුළුවට පැමිණි ජනාධිපතිතුමා සියලු දිසාපතිවරුන් මෙම වගා සංග්‍රාමය පිළිබඳ වැඩසටහන පිළිබඳ දැනුම්වත්  කළ බවත් එතුමාගේ උපදෙස් අනුව අපි ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත්ව ඇති සියලු රජයේ ඉඩම්වල ගෙවතු වගා ඇති කරන බවයි. එමෙන් ම ග්‍රාම නිලධාරීවරු, සංවර්ධන නිලධාරීවරුන් හා සමෘද්ධි නිලධාරීන් යොදා ගෙවතු වගා ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් සෑම රාජ්‍ය නිලධාරියකු ම තම ගෙවත්තේ ද ආහාර බෝග සිටුවා වගා සංග්‍රාමයට ක්‍රියාකාරී ලෙස දායක කරගැනීමට කටයුතු කරමින් සිටින බව  අමාත්‍යවරයා  සඳහන් කළේය.

    මෙම වැඩසටහන එක් දිනකට හෝ සතියකට පමණක් සීමා නොකර දිගටම පවත්වාගෙන යාමට කටයතු කරන බවත් හොඳම ගෙවත්ත තේරීමේ ප්‍රාදේශීය, පළාත් හා ජාතික මට්ටමේ තරඟ පවත්වා ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය  කටයුතු යොදා තිබේ.

    රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වයෙන් නව ගෙවතු වගා සිදුකරන ස්ථාන ලක්ෂ අටකට වැඩි ප්‍රමාණයක් අලුතෙන් ආරම්භ කිරීම අමාත්‍යාංශයේ ඉලක්කය වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya