ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නෙදර්ලන්ත තානාපතිනි නාවික හමුදාපති හමුවෙයි

    ඔක්තෝබර් 13, 2017
    ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ජොඈන් ඩූන්වර්ඩ් මහත්මිය ඊයේ (12) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය. 
     
    එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය.
     
    එහිදී, ඔවුන් දෙරටේ නාවික හමුදාවන් අතර පවතින අන්‍යෝන්‍ය සුහදත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ ව අදහස් හුවමාරු කර ගන්නා ලදී. 
     
    එමෙන්ම,  ඉන්දියන් සාගරය ආශිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත ‍වෙළඳ නෞකාවන් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වය පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya