අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළඳපොල තත්ත්වය හා සතොස ආයතනය මගින් පහසු මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම පිළිබඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අද (13) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 කේන්ද්‍ර කරගනිමින් මෙම සතොස අලෙවිසැල් ක්‍රියාත්මක කරන බවත් එමගින් එකම මිලක් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා අනෙකුත් සිල්ලර භාණ්ඩ නගරයේ ජනතාවට මෙන්ම ග්‍රාමීය ජනතාවටත් හිඟයකින් තොරව ලබාගැනීමට ඉඩ සැලසෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එමෙන්ම ඉදිරියේ දී පිටකොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලටත්, ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනවලටත් සතොස අලෙවිසැල් නුදුරු දිනකදී විවෘත කිරීමට කටයුතු යොදා ඇතැයි බදියුදීන් මහතා සඳහන් කළේය.
නාගරික ප්‍රදේශවල සතොස අලෙවිසැල් මඟින් සහන මිලට පොල් අලෙවි කිරීමේ විශේෂ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බවත් ඉදිරියේ දී සියලුම අලෙවිසැල් මඟින් පොල් අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි ද ඒ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වු සාකච්ඡාවක් ඊයේ (12) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පවත්වා ඇති අතර එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසයි.