ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වැසි තත්ත්වය තවදුරටත්

    ඔක්තෝබර් 14, 2017

    ඉදිරි දින කිහිපයේදීත් දැනට පවතින වැසි තත්ත්වය, තවදුරටත් පවතින අතර දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක් තද සුළං ද අපේක්ෂා කළ හැක.

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්(විශේෂයෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශවල) තවදුරටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කෙරේ.

    සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. (විශේෂයෙන් සවස 2.00 න් පසු)

    සමහර ස්ථාන වලට (විශේෂයෙන් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) තද වැසි (100-150mm පමණ) ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya